Home » මුල්ලේරියාව මූලික රෝහල ‘හරිත රෝහලක්’ වේ

මුල්ලේරියාව මූලික රෝහල ‘හරිත රෝහලක්’ වේ

by Mahesh Lakehouse
May 24, 2025 12:29 am 0 comment

නැඟෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහල පරිසර හිතකාමී හරිත රෝහලක් ලෙස ප්‍රවර්ධනය කිරීම මේ වනවිට අරම්භ කර තිබේ. වාතය, ජලය සහ පස යන සංයුතීන් සුරැකීම මූලිකකොට ගනිමින් මිනිසාට, සතා සීපාවාට, ගහ කොළට හිතකර පරිසරයක් තනා දීම සඳහා සොබාදහම අතර පවත්නා අවියෝජනීය සබැඳියාව තහවුරු කිරීමත්, රෝගීන්ගේ කායික මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණය.

රෝහල ආශ්‍රිත පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවට ආවේණික ශාකවලින් යුත් කලාපයක් බවට පත් කිරීම, වන වගාව, පළතුරු බෝග වගාව, ඖෂධීය වටිනාකමකින් යුත් ශාක වගාව සහ උද්‍යාන චිකිත්සක( Horticultural therapy) ඒකකයක් ආරම්භ කිරීම ආදී අංග මීට ඇතුළත්ව තිබේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් සම්පත් දායකයන්ගේ රැස්වීමක් මැයි මස 28 වැනිදා බදාදා ප.ව 02ට රෝහල් කාර්යාල පරිශ්‍රයේ ඉහළ මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී රෝහල් අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මනෝ වෛද්‍ය කේ. වී. එන්. රන්ජන් පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division