Home » නවසීලන්ත නියෝජ්‍ය අගමැති 24වැනිදා ශ්‍රී ලංකාවට

නවසීලන්ත නියෝජ්‍ය අගමැති 24වැනිදා ශ්‍රී ලංකාවට

by chanaka
May 22, 2025 8:20 pm 0 comment

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා 2025 මැයි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වේ.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට අනුව, මෙම චාරිකාව අතරතුර, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔහු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, එම සාකච්ඡාවේදී වෙළෙඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකෙරේ.

මෙම සංචාරය අතරතුර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා පෞද්ගලික අංශයේ සහ ජනමාධ්‍ය කටයුතු කිහිපයකට ද සහභාගී වනු ඇත.

ඔහු සමඟ නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු ද සංචාරයට සහභාගී වේ.

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අමතරව ඔහුගේ මෙම චරිකාවේ දී නේපාලය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලට යන බව නවසීලන්ත රජය නිවේදනය කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division