සම්පත්වලින් හෙබි රාජ්‍යයක් වීමද උපායමාර්ගික වශයෙන් ලොව සෙසු බලවත් රාජ්‍යයන්, යුක්ක්‍රේනයට බලපෑම් කිරීමට තෝතැන්නක් සකසා ගැනීමට පිටිවහලක් සපයන බව නොරහසකි.
එක්සත් ජනපද සහභාගිත්වය
යුක්ක්‍රේන – රුසියා සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාක් රූබිඕ සහභාගි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ, පවතින ස්වභාවය තුළ මෙවරද ඉස්තාන්බුල් සාම සාකච්ඡා කෙරෙන් ඉහළ ප්‍රගතියක් බලාපොරොත්තු විය නොහැකි බව යැයි වාර්තා වී ඇත. එහෙත් රුසියා ජනපති නියෝජනයෙන් පැමිණි ජනාධිපති උපදේශක වැලැදිමීර් මෙඩින්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, යුක්ක්‍රේන නියෝජිතයන් සාම සාකච්ඡා උදෙසා ස්වකීය සහභාගිත්වය ලබා දෙමින් මේ සාම වෑයම ඉදිරියට ගෙනයෑමට සූදානම් බවයි. එහිදී ජනාධිපති උපදේශකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, මොස්කව්හි අරමුණ සමඟ දිගුකාලීන සාමයක් ස්ථාපිත කර ගැනීම හා පවත්වා ගැනීම බවයි යන්න අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
එහෙත් පවතින ඉහළ ආතතිමය තත්ත්වය යටතේ රුසියා ජනපති පුටීන් සාම සාකච්ඡා උදෙසා ඍජුවම දායකත්වය නොදීම ලොව රාජ්‍යතාන්ත්‍රික පිරිස් විග්‍රහ කර ඇත්තේ එය විශාල අඩුවක් ලෙසිනි. අනෙක් අතින් එක්සත් ජනපදය තවදුරටත් රුසියාවට පනවා ඇති සම්බාධක තර කිරීමක්ද මේ ඔස්සේ සිදු විය හැකි බවටද මත පළ වී ඇත. කෙසේ වුවද, මේ වන තෙක්ම යුක්ක්‍රේන ජනපති සෙලෙසෙන්කිද ජනපති පුටීන් නොපැමිණීම තුළ සාම සාකච්ඡා සඳහා පැමිණ නැති බව ඉස්තාන්බුල් නුවරින් වාර්තා වන අතර, රුසියානු ජනපති පුටීන් මේ යුද්ධය නවතා දැමීම පිළිබඳ මීට වඩා ස්ථාවරව ක්‍රියා කළ යුතු බවයි යන්න අවධාරණය වී ඇත.
රුසියාව, යුක්ක්‍රේනය හා එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට න්‍යාය පත්‍රයේ තිබුණද සාකච්ඡා ඇරඹීම පිළිබඳ තවමත් ඇත්තේ නොපැහැදිලි භාවයකි.
මේ තත්ත්වය මත එක්සත් ජනපදයේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික, රාජ්‍ය ලේකම් මාකෝ රූබිඕ අතිශය තීරණාත්මක අයුරින් අදහස් පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු ජනපති පුටීන් හා එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් එකට හමු වන තුරු යුක්ක්‍රේන-රුසියා සාම සාකච්ඡාවල ඉහළ ප්‍රගතියක් කිසිදු අයුරකින් අපේක්ෂා කළ නොහැකි බවයි. වසර තුනකට පසු යුක්ක්‍රේනය හා රුසියාව අතර ගැටුම අරබයා ප්‍රවේශ වූ සාම සාකච්ඡා අදාළ රාජ්‍යන්හි රාජ්‍ය නායකත්වයන්ගෙන් තොරව නියෝජිතයන් ඉදිරිපත් කිරීම නිරතුරුවම එම සාම වෑයම් එක්තරා අතකින් ගිලිහී යෑමට හා කඩාකප්පල් කිරීමට දරන තැතක්ද යන්නත් මේ වන විට රාජ්‍යතාන්ත්‍රික විෂය පථය තුළ මතු වී ඇති ගැටලුවකි.