පහුගිය සතිය ගැන කතා කළොත්: ලෝකවාසි මෙන්ම ශ්‍රී ලංකාවාසි බෞද්ධ ජනතාව මෙත් සිත් වඩමින් අති මහත් උත්සවශ්‍රීයෙන් සැමරූ වෙසක් සතිය ගෙවිල ගියා.ඒ කටයුතු තමයි අපේ ඇඟට දැනුණු උතුම්ම දේවල් කියලා ගෙවී ගිය සතිය ගැන කතා කරන ප්‍රිය හිතවතුන්ට කියන්න පුළුවන්.
ඒ කාරණා එහෙම තියෙද්දි, ක්‍රීඩාව පැත්තෙනුත් අපේ රට විතරක් නෙවෙයි ලෝකෙ හොල්ලන කරුණු කාරණා කිහිපයකම ගෙවුණු සතියෙ අතුළෙ සිද්ධ වුණා. මොකද කාරණේ කියන්නෙ: මුලින්ම ගත්තොත් පහුගිය ඉරිදා තමයි ශ්‍රී ලංකා-ඉන්දියා-දකුණු අප්‍රිකා ට්‍රයි-නේෂන්ස් විමෙන්ස් ක්‍රිකට් ෆයිනල් එක තිබුණෙ. ඒ කියන්නෙ ශ්‍රී ලංකා-ඉන්දියා වන්-ඩේ ෆයිනල් එක තිබුණෙ ආර්. ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකේ..
ඒකෙන් අපේ කෙල්ලො සෙට් එක ඉන්දියාවට පැරදුණා. ඒක ඉතින් අවුලක් තමයි. මොකද කරන්නේ. එහෙම කියල එක්ස්කියුසස් දෙන්නත් බැහැ. මොකද කාරණේ කියන්නෙ: බැටිං, බෝලිං , ෆීල්ඩිං තුන් පැත්තෙන්ම තිබුණ වීක් පොයින්ට්ස් නිසා තමයි අපි පැරදුණේ. ඒක මේ ෆ්‍රීමෑන් විතරක් කියන කතාවක් නෙවෙයි හොඳේ… මැච් එක පැරදුණාට පස්සෙ ප්‍රෙස් එකට ආපු කෝච් රුමේෂ් රත්නායකත් කිවුව කතාවක්.
කමක් නැහැ, ඊළඟට හම්බ වෙන වන් ඩේ වර්ල්ඩ් කප් එකේදිවත් ඒකට රිටර්න් එක දෙන්න ඕන ළමයිනේ… ඕන් කිවුව හොඳේ. දැන්ම ඉඳල හිතට ගන්න ඕනේ. හාං… මේ ඉන්දියාව කිවුවම තවත් මරු වැඩ ටිකක් ලාස්ට් වීක් එකේ වුණා. අර කාශ්මීර් දේශ සීමාවෙ පත්තු වුණු ඉන්දු-පාකිස්තාන් යුද්ධෙ නිසා හිටිහැටියෙම ග්‍රවුන්ඩ් එකේ ලයිට්වල අවුලක් ඇවිල්ලා අයිපීඑල් මැච් එකක් භාගෙට ගහද්දි නවත්වන්න සිද්ධ වුණා නෙ. ඊට පස්සෙ අයිපීඑල් මැචස් සතියකට කල් දැම්මා කියන්නකො. ඒකට ආපු ෆොරින් ප්ලේයර්ස්ල පස්සෙන්දාම අකුළාගෙන ගෙදර ගියා.
ඒ සීන් එක වෙලා දවස් දෙක තුනක් යන්න හම්බ වුණේ නැහැ මෙන්න බොලේ අමෙරිකන් ප්‍රසිඩන්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් මැදට පැනලා, අර හිටිගමන් ඇවිළිච්ච ඉන්දු-පාකිස්තාන් යුද්ධෙ නැවැත්තුවා කියමුකො! ඒක නම් පට්ට ග්‍රේට් වැඩක් අනේ වෙලාවෙ හැටියට. මෑන්සුත් හිටිය ගමන් අපේ රටටත් ඇඟටත් දැනෙන හොඳ හොඳ දේවල් කරනවා. වෙල් ඩන් මිස්ටර් ප්‍රසිඩන්ට්. එහෙම ඉක්මන් විසඳුමක් නොලැබුණා නම් ක්‍රීඩාව පැත්තෙන් ඉන්දියා-පාක්ස්තාන්-ශ්‍රී ලංකා රටවල් තුනටම පාඩුයි.
මොකද කාරණේ කියන්නෙ: ඉන්දියාවට අයිපීඑල් එකෙන් ලොස් වෙනව වගේම පාකිස්තානයට පීඑස්එල් එකෙන් ලොස්ට් වෙනවා. අපේ රටට බොහෝ ක්‍රීඩා භාණ්ඩ, ආම්පන්න ලාභදායි මිලට ඉම්පෝට් කරන්නෙ ඉන්දියාවෙන් හා පාකිස්තානෙන්. විශේෂයෙන්ම ක්‍රිකට් පන්දු ඉතා අඩු මුදලකට ලංකාවට ගෙන්වන්නෙ පාකිස්තානයෙන්. යුද්ධෙ පත්තු වෙලා එහෙම සිටුවේෂන් එකක් ආවා නම් අපට මොකද වෙන්නෙ? හොඳ වෙලාවට දැන් ෂේප්.
ඕව මේව කල්පනා කර කර, පහුගිය වෙසක් දවසෙ සුගතදාස ග්‍රවුන්ඩ් එක පැත්තෙ ගියා. මොකද කාරණේ කියන්නෙ: එදා තමයි අර මේ දවස්වල ලංකාවෙ පවත්වන 22න් පහළ හා යූත් ඒෂියන් බොක්සිං චැම්පියන්ෂිප් එකේ ඕපනිං සෙරමනි එක තිබුණෙ. මාත් ඉතින් එතැනට ගිහින් ෆොරින් ටීම් එකක මැනේජර් කෙනෙක් ළඟම සෙට් වෙලා පොඩි චැට් එකක් දැම්මා. මෑන්ස් මේ වැඩේ අගේ කළා. මමත් එකෙන්ම ඒකට ලයික් කළා. මෑන්ස් ඊළඟට ඇහැවුවා: “ඇයි බං මේ උඹලගෙ රට මෙතරම් උතුම් බෞද්ධ රටක් වෙලත් වෙසක් පෝය වැනි වැදගත් දවසක මේ වගේ උත්සවයක් දාගත්තෙ?” කියලා! මට ඒකට උත්තරයක් නැති නිසා නැඟිටල ආවෙ මේව සංවිධානය කරන අපේ රටේ මහත්වරු මීට වඩා දුර-දිග බලා වැඩ කළොත් හොඳයි නේද? කියලා හිතාගෙනයි.