Home » හරක්කටාගේ ප්‍රකාශය ගැන පොලීසියෙන් විමර්ශනයක්

හරක්කටාගේ ප්‍රකාශය ගැන පොලීසියෙන් විමර්ශනයක්

by Mahesh Lakehouse
May 17, 2025 12:34 am 0 comment
අමිල මලවිසූරිය

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඉකුත් 14 වැනිදා නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණයට පැමිණ නැවත බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී මාධ්‍යයට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (TID) නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බවත්, එම විමර්ශනය ඉකුත් බ්‍රහස්පතින්දාම (15) ආරම්භ කළ බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ සේවය අත්හිටුවනු ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් හරක්කටා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ අන්තර්ගත තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සෙවීම, ඒ ප්‍රකාශය ජාතික ආරක්ෂාවට හෝ මහජන සාමයට තර්ජනයක් විය හැකිද යන්න සේම ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාට එල්ල වූ චෝදනාවල බරපතළකම පිළිබඳවද මේ විමර්ශනයේදී සොයා බැලීමට නියමිත බව පොලිස් මූලස්ථානයෙන් වාර්තා වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division