Home » අස්වැසුම ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ඉදිරියටම

අස්වැසුම ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ඉදිරියටම

by Mahesh Lakehouse
May 17, 2025 12:35 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී දීමනා ගෙවීම ඉකුත් අප්‍රේල් මාසයෙන් අවසන් වූ බවට සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය වන පුවත් සාවද්‍ය බවත්, සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව හැර අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩ සඳහා ප්‍රතිලාභි දීමනා සුපුරුදු පරිදි අඛණ්ඩව ගෙවන බවත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් (සන්නිවේදන) නුවන් ප්‍රනාන්දු සිළුමිණට පැවසීය.

කොවිඩ් වංසගතය ආදි තත්ත්වයන් තුළ ආදායම් අහිමි වූවන්ට සහන සැලසීම සඳහා ගෙවනු ලැබූ සංක්‍රාන්තික කාණ්ඩයට අයත් අස්වැසුම ප්‍රතිලාභි දීමනාව මුල් අවස්ථාවේදී යෝජනා වූ පරිදි 2023 දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිතව තිබුණද රජය විසින් වරින් වර ගත් තීරණ පරිදි කිහිප වරක්ම ගෙවීම් කරන කාලය දීර්ඝ කිරීම සිදු විය. අවසාන වශයෙන් කළ දීර්ඝ කිරීම අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනා ගෙවීම 2025 අප්‍රේල් මාසයෙන් අවසන් වුවත්, සෙසු කාණ්ඩ තුනේම ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ගෙවන බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභි වැඩසටහනේ පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ පවුල් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් ඉකුත් අප්‍රේල් මාසයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇත.

මීට අමතරව රජය විසින් අය වැය මඟින් අස්වැසුම ප්‍රතිලාභි පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා ගෙවූ රුපියල් 3,000 දීමනාව 5,000 දක්වා රුපියල් 2,000කින් වැඩි කළ අතර, එම වැඩි කළ දීමනාව පළමු වරට ඉකුත් අප්‍රේල් මස සිට ගෙවීම ආරම්භ විය. ඒ අනුව වැඩිහිටියන් 580,944කට රුපියල් බිලියන 2.9ක් ගෙවා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division