විදේශ රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව මේ වසරේ ජනවාරි සිට මැයි දෙවැනි සතිය දක්වා පැමිණිලි 1,078ක් ලැබුණු බවත්, ඉන් පැමිණිලි 653ක් මේ වන විට නිරාකරණය කර ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් සිළුමිණට පැවසීය.
නිරාකරණය කරන ලද පැමිණිලිවලට අදාළව විදේශ රැකියා නියෝජිත ආයතනවලින් රු. 111,201,763ක මුදලක් කාර්යාංශය විසින් අය කරගෙන ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ විදේශ රැකියා ඒජන්සි ආයතන 1,020කට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර, මේ දක්වා පුද්ගලයන් 98,713ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද කාර්යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.