Home » ලොව අවම ගුරුත්වාකර්ෂණය දකුණු පළාතේ

ලොව අවම ගුරුත්වාකර්ෂණය දකුණු පළාතේ

ආයු අපේක්ෂාව ඉහළ යෑම සංචාරක ආකර්ෂණයට හේතුවේ

by Mahesh Lakehouse
May 17, 2025 12:37 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත් වන්නන්ට ඉහළ ආයු අපේක්ෂාවක් ලැබීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බැවින් එම පළාතට සංචාරකයන් සහ විදෙස් ආයෝජකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමෙන් සංචාරක කර්මාන්තය තවත් දියුණු කරගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා සිළුමිණට අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් ඉහළම ආයු අපේක්ෂා මට්ටමට හිමිකම් කියන්නේ දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් බවත්, ඒ සඳහා ඉවහල් වී ඇති විවිධ සාධක අතුරින් නාසා ආයතනය ඉතා මෑතකදී හෙළි කළ චන්ද්‍රිකා තොරතුරුවලට අනුව ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශ හා මාලදිවයිනට නැඟෙනහිරින් පිහිටි ඉන්දීය සාගරය බව හෙළි වී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

ඒ අනුව ලොව ධනකුවේරයන් දකුණු පළාතේ සංචාරය කිරීමට උනන්දු කරවීම, ඔවුන්ට ඒ ප්‍රදේශයේ දිගුකාලීනව ජීවත් වීමට ඉඩ ප්‍රස්තා ප්‍රවර්ධනය කිරීම මෙන්ම අවම ගුරුත්වාකර්ෂණ තත්ත්වය වඩාත් උචිත ලෙස යොදාගත හැකි කර්මාන්ත එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම කාලෝචිත බවද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය. විශේෂයෙන් යුරෝපීය සංචාරකයන් අතර ආයුර්වේදීය, බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළත් සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත බවද මහාචාර්යවරයාගේ අදහසයි. මහාචාර්යවරයා මේ තොරතුරු අනාවරණය කළේ 2000-02 සහ 2011-13 වර්ෂවලදී මෙරට ජීවන වගුවලින් හෙළි වූ ස්ත්‍රී-පුරුෂ ආයු අපේක්ෂා පිළිබඳ දත්ත පදනම් කර ගනිමිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division