වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන දැවැන්තම ව්‍යාපෘතිය ලෙස සැලකෙන Clean sri lanka වැඩසටහන පිළිබඳ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් Clean Sri Lanka ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (ආචාර ධර්ම) දුලිප් සොමිරත්නගේ සම්පත් දායකත්වයෙන් ඉකුත්දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, Clean Sri Lanka ජාතික වැඩසටහනේ කේන්ද්‍රීය කමිටුවේ සම්බන්ධීකාරක සහ අමාත්‍යාංශ Clean Sri Lanka ප්‍රතිපත්ති කමිටුවේ සභාපති කැළුම් විජේනායකගේ අදහසකට අනුව ක්‍රියාත්මක වූ මෙම පුහුණු වැඩසටහනේදී Clean Sri Lanka වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වන ආකල්පමය වෙනස පිළිබඳ දුලිප් සොමිරත්න අදහස් දැක්වීය.
මහපොළොව, පරිසරය වගේම අපි අපේ හදවත සහ මනසත් පිරිසුදු කර ගන්න ඕන. ඔබට මට විතරක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන්ම අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ කියන පිරිසුදු භාවය ඇති කරන්න අවශ්‍ය පරිසරය හදන්න පුළුවන් පදනම තියෙන්නේ අපි තුළමයි. රජය හෝ දේශපාලන අධිකාරිය හෝ ජනාධිපතිවරයා හෝ මොනතරම් ප්‍රතිපත්ති හැදුවත් වැඩක් නැහැ, සමස්ත රාජ්‍ය සේවය ඒක හරියට අරගෙන මහපොළොවේ පැළ කළේ නැත්නම්. ආදර්ශය තමයි එතනදි අංක එක ලෙස සලකන්නේ. ඒ වෙනුවෙනුයි Clean Sri Lanka” වැඩසටහන ගෙන ආවේ.
මෙරට ඉතිහාසය තුළ දැවැන්ත ව්‍යාපෘති ඕනෑ තරම් දැක ඇතත් මිනිසුන්ගේ ඔළු හදන්න රජයක් විදිහට ආරම්භ කළ පළමු දැවැන්ත වැඩසටහන Clean Sri Lanka වැඩසටහන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.