84
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ආරම්භ කළ 1961 වසරේ සිට මේ දක්වා පුද්ගලයන් 2,275,678ක් මරණයෙන් පසු තම ඇස් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කර තිබෙන බව අන්තර්ජාතික ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ ජනත් සමන් මාතරආරච්චි පවසයි.
මේ වන විට රටවල් 57ක නගර 117කට ශ්‍රී ලංකාවේ පරිත්‍යාගශීලීන් විසින් ප්‍රදානය කරන ලද ඇස් 1,844ක් යවා ඇති අතර, දේශීය රෝහල් සඳහා ඇස් 587ක් පරිත්‍යාග කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.