47
ශ්‍රී නාග මහා විහාරාධිපති ශාස්ත්‍රපති කිතුල්වල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ ගස්පේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේගේ හා හල්පේ මුනින්දාරාමයේ නාරද නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් කිතුල්වල ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 3-10 දක්වා පිණ්ඩපාත චාරිකා වැඩසටහනක් පැවැත්විණි.
කිතුල්වල කොට්ඨාසයේ ළමා, වැඩිහිටි සියලු දෙනාගේ සහභාගීත්වයෙන් බැති ගී සරණියක් සහ අඛණ්ඩව වසර 30 වැනි වරටත් පැවැත්වූ බත් දන්සල ද පැවැත්විණි.