පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රදේශ රැසක ජපන්ජබර සහ සැල්වීනියා ව්‍යාප්ත වීම හේතුවෙන් ධීවර ජනතාව මෙන්ම ගොවීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ජපන්ජබර සහ සැල්වීනියා ඉවත් කිරීමට පියවර ගෙන තිබුණද මේ වන විට නැවතත් පරාක්‍රම සමුද්‍රයේ ස්ථාන කිහිපයක සැල්වීනියා සහ ජපන්ජබර එකතු වීම හේතුවෙන් ධීවර කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බව ධීවරයෝ පෙන්වා දෙති.
මේ හේතුව නිසා පරාක්‍රම සමුද්‍රයෙන් ලබා ගන්නා ජලයෙන් යල, මහ දෙකන්නයේ කුඹුරු අක්කර 35,000 කට වැඩි ප්‍රමාණයක් වගා කරන ගොවීහු මහත් අසීරුතාවකට පත්ව සිටිති. පරාක්‍රම සමුද්‍රයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 1,15000ක් පමණ වන අතර එහි විශාල ප්‍රමාණයක මෙම ජපන්ජබර සහ සැල්වීනියා පිරී ඇති බවත් ඒවා ඉවත් කිරීමට ස්ථිර නිසි වැඩ පිළිවෙළක් නොමැති බව ධීවරයෝ සහ ගොවීහු පෙන්වා දෙති. මේ සඳහා රජය මැදිහත් වී ජලාශය පුරා ව්‍යාප්ත වෙමින් ඇති ජපන්ජබර හා සැල්වීනියා ඉවත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මය කර මේ තත්ත්වය මැඬපවත්වන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.