Home » රිළවුන්ගෙ වදේ ඉවරයක් නැතේ

රිළවුන්ගෙ වදේ ඉවරයක් නැතේ

by Mahesh Lakehouse
May 17, 2025 12:29 am 0 comment

රිළවුන්ගෙන් සිදුවන කරදර හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ඡන්ද කොට්ඨාසයේ පිහිටි ගම්මාන රැසක පදිංචි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ ගැන බලධාරීන් දැනුම්වත් කර ඇතත් ඊට විසඳුම් මෙතෙක් ලැබී නැතැයි ගම්වැසියෝ පවසති.

දිග්ගල, උඩගම, කොටඹේ, වැලිකැටිය, කුඹුක්වෙල, පල්ලේගම, රාසින් ගොල්ල, දඹගොල්ල, අඹන්වැල්ල, නිල්දණ්ඩාහින්න, පල්ලෙවෙල, රූපහ, උපනා හේල, කරඳගොල්ල යන ගම්මානවල වැසියන් මෙම රිළා කරදරවලට දැඩි ලෙස ගොදුරුව සිටිති.

රිළවුන් ගොවිතැන් කර ඇති සියලු භව භෝග කා දමන බවත් නිවෙස්වල පිසින ලද බත් මුට්ටි පවා මෙම රිළවුන් ඔසවාගෙන පලා යන බවත් ගම්මුන් පැවසූහ. රිළවුන් එළවීමට යෑමේදී එම සතුන් පන්නාගෙන ඇවිත් සපා කෑමට පෙලැඹී සිටින බව ද ඔවුහු පවසති.

“මේ තත්ත්වය නිසා අපිට උයාපිහාගත් දේ කන්න බොන්න විදිහක් නැහැ. ළමයි පාසල් යවන්නෙත් බයෙන්. ගොවියන්ට ලබා දී ඇති වායු රයිෆල්වලින් වෙඩි තිබ්බට උන්ට ගානක්වත් නෑ. විපක්ෂය මොනදේ කියලා හෑල්ලු කළත් අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ රිළා කරදරය නැති කර දෙන්න කුමන හෝ පියවරක් ගන්න කියලයි” ගම්වැසියෝ පවසා සිටියහ.

විශ්වජිත් බුවනෙක – නුවරඑළිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division