පසුගිය අප්‍රේල් 30(බදාදා) හෙළ සිනමාවෙි නිළි රැජිණ මාලිනි ෆොන්සේකාගේ 78වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඇය රඟපෑ ‘ආකාස කුසුම්’ චිත්‍රපටය වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි PVR සිනමා ශාලාවේදී නැවත තිරගත කෙරිණ. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ වැනි විශිෂ්ට චිත්‍රපටයක් සිනමා තිරයකදි නැවත නරඹන්නට ලැබීම ප්‍රහර්ෂයක් ඇති කළ මොහොතකි. ප්‍රසන්න විතානගේ විසින් 2008 වසරේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුමි’ හරහා සන්නිවේදනය කරන කතාන්තරය එතරම් අහිංසක එකක් නොවේ. එය ජීවිතය පිළිබඳ එක්ස් – රේ කිරීමකි. සියල්ලටම වඩා සංස්කෘතිය පෙරටුකරගත් අවිචාරවත්බවින් වෙළාගත් පාදඩ ක්‍රමයක් යටතේ වැඩුණු ලංකාව නමැති කොදෙව්ව තුළ යථාර්ථය තුළ අප අත්දකින සහ දෛනිකව සිදුවන ඛෙිදවාචකයක් පිළිබඳ ‘ආකාස කුසුමි’ සිනමා වියමන සාකච්ඡාවට ලක් කරති.
60, 70 දශකයේ ශ්‍රි ලංකාවේ සිටි ජනප්‍රිය ගණෙය් සිනමා තාරකාවියක් වන ‘සන්ධ්‍යා රාණි’ නමැති සුරූපි නිළියකගේ ජිවන පුවත ඇසුරින් ‘ආකාස කුසුමි’ ආඛ්‍යානය ගොඩනැඟි ඇත. මැදිවිය ඉක්ම වූ සන්ධ්‍යා අවිවාහක ය. නිවසේ තනිව වාසය කරයි. ඇගේ තනිකම වෙනුවෙන් සිටින්නේ බළලෙකු පමණයි. ඇය සිනමාවේ සිටි ජනප්‍රිය නිළියකි. ඇය දැන් වියපත් වූ නිළියකි. ඇය සිනමාවේ ජනප්‍රිය නිළියක් වුව ද ඇය තනිකම නමැති ෙඛ්දවාචකයට හසුව ඇත. ලාංකේය සිනමාවෙි ස්වර්ණමය යුගයේ සිටි සන්ධ්‍යා රාණි වර්තමානයේ පැටිස් නමැති කෙටි කෑම සාදා කඩවලට දමමින් ජීවිකාව ගෙනයන, ආර්ථික දරිද්‍රතාවයෙන් හෙමිබත්ව සිටින චරිතයකි. පැටිස් සාදා විකුණනවාට අමතරව ඇගේ නිවස ටෙලි නළු නිළියන්ට ලිංගික සේවා සඳහා සපයන රෙස්ට් හවුසයක් පරිද්දෙන් පවත්වාගෙන යයි. මෙයාකාරයෙන් ජීවිකාව ගෙන යන සන්ධ්‍යා රාණියේ වර්තමාන දිවියට සමාන්තරව තවත් කතාවක් මීට පසුබිමින් ජේදනය වෙයි.
එනමි සන්ධ්‍යා රාණිගේ දියණිය වන ප්‍රියාගේ කතාවයි. ප්‍රියා රාත්‍රී සමාජ ශාලාවක (Night Club) සේවය කරන අභිසාරිකාවකි. මැදි වියේ ධනවතුන්, සල්ලාලයන්ගේ අතින් අත හුවමාරු වන ප්‍රියා විසින් තම මවට වෛර කරති. ප්‍රියා ගර්භණී බවකින් සහ එඩිස් රෝගයෙන් පෙළෙයි. රාණි තම දියණිය පිළිබඳ තියා මෙි කිසිවක් දන්නේ ද නැත. ඇයට තම දියණිය පිළිබඳ මතකයක් ද නැත. මතකය ඇවිස්සෙන්නේ හිටිහැටියේම ප්‍රියා විසින් තම මව ටෙලිවිෂනයේ විකාශනය වන වැඩසටහනක් තුළදී ය. ප්‍රියා සහ රාණිගේ ජීවිතය අවසානයේ ගලා යන්නේ කුමන දිශාවකටද? යන්න පිළිබඳ ප්‍රේක්ෂකයා ‘ආකාස කුසුමි’ ඔස්සේ සිතන්නට පොලඹවයි. චිත්‍රපටය විසින් ප්‍රේක්ෂකාගාරය දැඩි ලෙස කම්පනයට ලක් කරන්නේ මෙම සිදුවීම් මාලාව නොවේ. පශ්චාත්තාපය හමුවේ දැවෙන තමන් කළ වරද පිළිබඳ සංහිඳියාවකට (To a reconciliation of guilt) පැමිණීමේ අසමත්කම පිළිබඳ ‘අකාස කුසුමි’ සාකච්ඡාවට ගෙන එනවා සේම පශ්චාත්තාපී හදවත් ඇත්තන්ගේ වෘතාන්තයක් ලෙස ද ප්‍රේක්ෂකයා හමුවේ තබනවා.
සන්ධ්‍යා රාණිගේ ජනප්‍රියත්වය බිඳවැටීමත් සහ ඇගේ වියපත් ජීවිතයට සාපේක්ෂව ජනමාධ්‍ය විසින් ගොදුරු කරගත් සිනමාව නමැති උත්තුංග කලාව ආගාධය කර ගමන් කර ඇති බව චිත්‍රපටයේ යටිපෙළ ඔස්සේ විවරණය කරයි. ජනමාධ්‍ය විසින් ලංකාවේ සියලු මිනිස් ජීවිත දිනෙන් දින අලංකාරවාදී වෙළඳ දැන්වීම්, ප්‍රවෘත්ති, ටෙලි නාට්‍ය මඟින් මුළාවට පත් කර ඇත. සන්ධ්‍යා රාණි අහම්බයෙන් ‘තරුමංසල’ වැනි රූපවාහිනි ටෙලි තරු වැඩසටහනක් වෙත ගෙන්වා කරන ප්‍රශ්න කිරීමේ ස්වභාවය හමුවෙි පෙනෙන්නට තිබෙන්නේ මාධ්‍ය සංස්කෘතියක ඇති ජරපත් ස්වභාවය ප්‍රකට කිරීමකි.
”මොනව ද ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ නිවිස්?” සන්ධ්‍යා රාණි මෙසේ අසන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක වන ශාලිකා වෙතිනි.
“නිවිස් හැදෙන්න ෆිල්ම්ස් හැදෙන්න එපැයි ආන්ට්” උපාහසයෙක් යුතුව ඊට ප්‍රතිඋත්තර සපයන්නේ ශාලිකා ය.
ලංකාවේ වත්මන් සිනමාව ඇතුළු සමාජය, සංස්කෘතිය පාලනය කරන්නේ ජනමාධ්‍යයයි. සමාජ මාධ්‍යයි. එය ශාලිකා සහ රාණිගේ කුඩා සංවාදයෙන් පෙනෙන්නට තිබෙන නිරික්ෂණයයි. චිත්‍රපටයේ ප්‍රබල සංකේතයක් ලෙස රූපවාහිනිය හැසිරෙයි. සිනමා ශාලා දැවැන්ත තිරය මත දිස් වූ සන්ධ්‍යා රාණි අවසානයේ අඟල් 14×18 කුඩා ප්‍රමාණයේ ටෙලිවිෂන් තිරයක පෙනී සිටිම තුළ ලංකාවේ තාක්ෂණික, සාමාජීය වෙනස්වීම, සුසමාදර්ශීය මාරුව (Paradigm Shift) විෂද කරන්නකි. ප්‍රියා තම මව වන රාණි අහම්බයෙන් දකින්නේ ද රූපවාහිනි තිරයකිනිනි. චිත්‍රපටයේ දර්ශනයක නිවා දැමු රූපවාහිනියේ හිස් තිරය මත සන්ධ්‍යා රාණිගේ ප්‍රතිබිම්බය වැටී ඇත. සිනමාවෙි පුළුල් තිරය මත වැටුණු ඇගේ රූපය පුංචි තිරය මත වැටී ඇත. පැරණි වර්ගයේ හිස් විස්කි බෝතලයකට ගල් අරක්කු දමා බොන සන්ධ්‍යා රාණි තමන්ට සිදු කරගන්නා වංචාව මඟින් සංකීර්ණ මනෝභාවයන් ප්‍රකට කරයි.
සන්ධ්‍යා රාණි සහ ප්‍රියාගේ ජීවිතවලට මැදි වන තෙවැන්නෙකුගේ කතාවක් මීට සමාන්තරව දැක්වේ. ඒ විවාහය අසාර්ථක කරගත් ජනප්‍රිය ටෙලිනාට්‍යය නිළියක වන “ශාලිකා’ ය. ඇය විවාහ ජීවිතය අසාර්ථක කරගන්නේ අනියම් ඇසුරක් හේතුවෙනි. නමුත් ඇය සෙවු සැනසීම කිසිදු පිරිමි පාර්ශ්වයකගෙන් ලැබෙන්නේ ද නැත. ඇය අතරමංව අවසානයේ නතර වන්නේ සන්ධ්‍යා සමීපයේය. සන්ධ්‍යාගේ සැනසීම වන්නේ ශාලිකාය. ශාලිකා, ප්‍රියා සහ සන්ධ්‍යා නමැති ස්ත්‍රී ත්‍රෛපාර්ශ්වය විසින් පුටුවේ හිඳ සිටින ප්‍රේක්ෂකයාට ඔවුන්ගේ ජීවිත විශ්ලේෂණය කරන්නට යෝජනා කරයි. මුදල්, සතුට, ලිංගික ප්‍රීතිය තකා තම ආත්මය පාවා දීම කෙතරම් යුක්තිසහගත දැයි ප්‍රේක්ෂකයාගෙන් අසන්නට දරණ තැත වැදගත් වේ.
ශරීරය සහ කතාව (body and story) නමැති සංකල්පය තුළ සිනමාපටය ස්ථානගත කරයි. පිරිමියාගේ ආශාව (desire) සහ බැල්ම (gaze) බවට පත්වී ඇති ස්ත්‍රීය පිළිබඳ හඟවන ප්‍රියා විසින් ලාංකේය ස්ත්‍රිය නිරූපණය කරයි. ස්ත්‍රීය ලිංගික භාණ්ඩයක් ලෙස පත් වූයේ අද ඊයෙක සිට නොවේ. ලාංකේය ස්ත්‍රිය මෙි මොහොත තුළ පවා සළකුණු කරන දැවැන්ත ප්‍රශ්නයක් වී ඇති ‘ගබ්සාව’ පිළිබඳ චිත්‍රපටය තුළ පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් කරයි. ලංකාවේ වර්තමානයේ නළු නිළියන් විවාහව නොසිටීම, දික්කසාද වීම, නැවත විවාහ වීම, අනියම් සබඳතා පැවතීම ආදී වශයෙන් රුදුරු ධනවාදය තුළින් පැන නැඟී මානව සබඳතා විකෘති කිරීමක ප්‍රතිඵලයකි. උඩු යටිකුරු කිරීමක් පමණක් නොව අනන්‍යතා අර්බුදයේ කොටස්කරුවකු බවට පත් කිරීමට වැළැක්විය නොහැකි කාරණාවක් බවට පත් වේ. මෙම යුගයේ මානව සබඳතා යනු මුදලට, පාරිභෝජන භාණ්ඩ වෙනුවෙන් විකිණෙන භාණ්ඩයකි. චිත්‍රපටය තුළින් ප්‍රත්‍යක්ෂ කරන්නේ ධනේශ්වර පන්තියේ ලිංගික සුරාකෑමේ සමා විරහිත නරුම බවයි. එහි දරුණු ප්‍රතිඵලය වන්නේ ප්‍රියා වැනි කාන්තාවන්ය.
සිනමාපටයේ ගෙතෙන ආඛ්‍යානය අතීත – වර්තමානය අතර දෝලනය වේ. සන්ධ්‍යා රාණිගේ චරිතය නිරූපණය කරන සම්මානනීය නිළි ‘මාලිනි ෆොන්සේකා’ සහ ප්‍රියා චරිතය නිරූපණය කරන ‘නිමිමි හරස්ගම’ විසින් චිත්‍රපටය ප්‍රශස්ත ගණයේ සිනමාපටයක් දක්වා ගෙනයන්නට සමත් වෙයි. සුපුරුදු පරිදි ප්‍රසන්නගේ චිත්‍රපටවල සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කරන ඉන්දියානු සම්මානනීය සංස්කරණ ශිල්පී ‘ශ්‍රීකර් ප්‍රසාද්ගේ’ සංස්කරණයත් සමඟ පෑහෙන එමි. ඩී. මහින්දපාලගේ සිනමා රූප නිමැවුම චිත්‍රපටයට අවශ්‍ය සිනමාත්මක බව පෝෂණය කර ඇත. රුදුරු ධනවාදය විසින් ප්‍රියාලා, බන්ටිලා, රාණිලාගේ ජීවිතය ගිනිබත් කර ඇත. ස්ත්‍රීන් තොල්වල ආලේපන කරන ලිප්සිටික් එකේ සිට මිලියන ගණනින් විකිණෙන රේන්ජ් රෝවර්, බෙන්ස් වැනි අති සුඛෝපභෝගී මෝටර් රථ වැනි නිෂ්පාදිත ෆැන්ටසිවලින් ගිනිබත් කර ඇත. ප්‍රසන්න විසින් චිත්‍රපටය තුළ මනුෂ්‍යත්වය (Humanity) පිළිබඳ ප්‍රමුඛ සාධකයේ වටිනාකම ස්ථානගත කරයි. අවසානයේ ගිලිහි ගිය මාතෘත්වය පිළිබඳ වියපත් වූ රාණිට උගන්වන්නේ ජීවිතය අහිමි වූ තම දියණිය ප්‍රියා විසිනි. එක් පසෙකින් දෙමාපියන් අහිමි සමාජයක් පිළිබඳ විශාල චිත්‍රයක් ‘ආකාස කුසුමි’ ගෙනහැර දක්වයි. ලාංකේය පීඩිත ස්ත්‍රීයගේ ජීවන පදාසයක් ‘ආකාස කුසුම්’ නමැති වෘතාන්තය තුළ පිළිබිඹු වෙයි. ‘ආකාස කුසුම්’ යළි යළිත් නරඹන වාරයක් පාසා ප්‍රේක්ෂකයා වෙත ඇති කරන්නේ සමාජය සහ මනුෂ්‍යයා දෙස සහකමිපන දහරාවකි.
මලින්ත විතානගේ