සීරුවට සීරුවට
යළි පායන හැටි
හබලින් බිඳුණු
චන්ද්රබිම්බය
පාලිත සේනාරත්න
රථය පසුපස
දිවගොස්
මඟවැටෙන පරඬැල්
පියුමි නිසංසලා
අලුත් හබලකින්
දියත්වෙන
පැරණි ඔරුව
සුදර්ශනී කුරුප්පු
දැතම බොකුටු කරමින්
නිවෙන පහන් දැල්ල
රකින මිත්තණිය
ශෙහාන් ගයෝග ජයලත්
සක්මන් මළුවේ
පියවර ලකුණු
මකාදමමින්
සරත් සුළඟ
රුවන්මලී දීපිකා කොඩිකාර
පොඩි හාමුදුරුවන්ගේ
හඬ පරයමින්
පන්සිල් කියන චූටි පුතු
මනෝරි උත්පලා ගමගේ
සයුර මැද ගල් කුළේ
ගිමන් හරින
විවිධ පක්ෂීන්…..
ජෙනිටා ගලගන
අලුත් පාලම යටින්
ගඟ
සුපුරුදු ගමනින්
උදාරා තම්බපණ්ණි දික්කුඹුර
සුළඟ වැලිමළුවේ
යන එන පාසටහන්
මකා දමන හැටි
අනුෂා කුමාරි මහන්තෙ
මළ සැමියාගේ කමිසයේ
බොත්තම් අල්ලන
වැන්දඹුව
රංග සිල්වා
ආදරණීය දුයිෂේන්
පිළිතුරු එවුවේ නැතිවට
මම ලියපු ලිපියකට
තරහ නෑ කිසි දවසක
නුඹ දුන්න පණ නෙව මෙය
දුම්රිය මාව ඇරගෙන
එනකොට නුඹව අතහැර
ඇත්තටම කියනවද මට
ඇඬුවෙ කුර්කුරේඋව විතරමද
පොප්ලරුත් දගු දානවද
මං ගැන මතක් කරනවද
සීත ගඟුලේ මුනුමුනුව
අහගෙන ඉන්නේ තනියමද
ඉස්කෝලේ තවම එතැනමද
උදුනට පිදුරු තියෙනවද
ශීතම ඍතුව ආවාම
මං ඇඳපු කබායම අඳිනවද
ශීත, ගිම්හාන, වසන්තද
දැනුණාට නගරෙටත් එලෙසම
නුඹ උන්න තැන එතැන
තවම නොවෙනස්ය උණූසුම්
කියා දුන් ඇලපිල්ලක
හැඩතල සිතින් ගෙන මැන
කියවමි තරු එළිය ගෙන
හද පුදසුනේ තියා සදහට
මීට
අල්තීනායි
කුමාරි දයානන්ද
සරුංගල්
නෙක නෙක හැඩැති සරුංගල්
අහස මුළු අත්පත් කරගන්නට
දාන සෙල්ලම් කරනම්
අනුන් අත නැටවෙන සරුංගල්
පාට කඩදාසි පිට ඔපය ගත්
සුළං පහරට දමන නෙක දඟකම්
බලා හිඳ දෙඇස් විඳින පව්කම්
අහස අත් කරගෙන බොහෝ කල්
මේ සරුංගල් පෑ නාඩගම්
හිස්කුසට අත තබා සරදම්
බෝ දනෝ පෙරති දුක් කඳුළු නම්
විසිතුරුය නෙක හැඩැති සරුංගල්
වලාකුළු අතර කෙළිකවටකම්
බිම හිඳින අපට මේ සටකපටකම්
සැඩසුළං එන විටදි සිවුදිගින්
හුය සිඳී බිම වැටෙයි සරුංගල්
කිත්සිරි කොතලාවල
පමා වූ නුවණ
මලක් වෙලා ආදර සිත පිබිදෙද්දී
ගලක් වෙලා පිටු පා උනි නම් මැනවි
ඉරක් වෙලා පෙර‘ඹර නුඹ දිදුලද්දි
සඳක් වෙලා මිලිනව ගියෙ නම් මැනවි
විලක් ලෙසින් සිහිලැල් දිය සනහද්දී
වළක් ලෙසින් වියැළි ගියෙ නම් මැනවින්
ගිරක් ලෙසින් නුඹ අහසට නම් ගයද්දි
දණක් ලෙසින් මා නැමුණේ නම් මැනවි
නලක් විලස නුඹ සුවඳට මුසුවෙද්දී
කුළක් විලස නොසැලී වුණි නම් මැනවි
රොනක් විලස බඹරුන් තුඩ නලියද්දි
විසක් විලස තුඩ සින්දේ නම් මැනවි
නදක් වෙලා කන්තල සිඹ සනහද්දි
හෙණක් විලස බිය වැද්දුවෙ නම් මැනවී
නොවක් ලෙසින් නුඹ මට ළං ළං වෙද්දි
දුකක් මෙවන් සිහි කෙරුවේ නම් මැනවි
කාංචනමාලා ගීකියනගේ
ඔබට නෑවිත් ඉන්න තිබුණා
කියාගනු නොහැකියෙන් වදනින්
නිහඬවම හිත දරා හිටියා
සිහින් මඳ නලකින් පවා පෙති
රිදෙන හැඟුමක් පිරී තිබුණා
ඉන්නයැයි ඇරියුමක් නොකළත්
හිතේ ඔබ හැම තැනක හිටියා
යන්න නම් මේ ලෙසින් නොකියම
ඔබට නෑවිත් ඉන්න තිබුණා…
මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
නැවතුම
තෙරක් නොපෙනෙන මහ දුරක්
ගලයි ගංගා ජල දොරක්
මඟදි හමු වන විවිධ බාධක
ළඟදි නවතිනවද බිඳක්
ඉරෙන් සළු ඉල්ලා ඇඳන්
රාත්‍රිය මනරම් කළත්
තුති පුදන්නට මිතුරු හිරු වෙත
අහසෙ නවතිනවද සඳක්
නැඟී එන මහ ජල රැලිත්
බිඳී යයි දියඹට යළිත්
වෙරළ හද දුක් සුසුම් තනිකම්
ඇසුවාද නැවතී මඳක්
පිපෙන මල් පරවෙන පුවත්
සුවඳ මිලිනව යන බවත්
හැඳින ළතැවී හඬාවැටුණිද
බඹර සමනල් එක හදක්
නයෝමි සිරිනාලි නවරත්න
ස්තුති…!
සැඟව යමි මම
නොඑන්න…
කැටිකරන් ඔබ සැම
දුන් මතකයන් ගොඩ
උරණ නැහැ මගෙ සිත රිදවූවාට…
හැකි නම් තව කෙනකුට
නොකරනු මැන මට දුන් වද
පැමිණෙයි කරන හොඳ නරක
රිය සක විලස…
දැඩි වෙයි ඔබ විඳිනා විට
කළ කම් පල දීම…
ලොවට පැවසුවත් ඔබ නිවැරදි බව
ගැහෙනා හදවත රිද්මෙන්
ගැලවෙන්ට හැකි වේවිද ඔබට…
දුලංජලී නිශ්ශංක
විදෙස් කව් රස
කවි
අපි මෙතන.
ආලෝකවත් දවසක්
උදා වන තුරු
අපි අපේ අත්වලින්
සිල්ක් රිබන් වැනි
කවි ලියමු.
ඒ කවි
අසල දැන්වීම් පුවරුවේ අලවමු
කවි නවා
පහන් කණුවලත් අලවමු
ඩේසි මල් පිපුණු
හිස් ඉඩම් මායිම්හි
හයිකු කවි ලියා
දිලිසෙන කවරයක බහා
සාප්පු සංකීර්ණයේ තබමු.
මෙන්න ගිනි රතිඤ්ඤා ඇවිළෙයි
බාලි ගීයේ කැටයම් කළ පද
ඕක් වැව් ඉමටය.
පාත්තයෝ හා තාරවෝ
සෙමෙන් පා වී යති ඉමට.
ගී ගයමු
කඩදහි ඔරු වේ නැඟී
බටහිර පන්නයේ ගුවන්යානයත්
විසිතුරු කඩදාසිමය.
බාර්බරා ජේන් රයිස්
බාර්බරා ජේන් රයිස් ,පිලිපීනයේ මැනිලාහි 1971 දී උපත ලැබුවාය. අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ හා සැන් ෆ් රැන්සිස්කෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උගත් ඇය අමෙරිකාව තුළ හා ඉන් පිටත පිලිපීන ජනතාව පිළිබඳව නිර්මාණ ඉදිරිපත් කරන මුත් ඈ කරන නිර්මාණ රාශියක් නව චින්තනය පුළුල් පොදු මනුෂ්‍යයත්වය පිළිබඳ ගැඹුරින් නිර්මාණය වෙයි. Down town Oakland නම් වූ මේ කවිය ඇය මේ වසරේ අප්‍රේල් 26 දින ප්‍රකාශයට පත් කළ කවියකි.
අනුවර්තනය :
සමන් ගුණහේරත්