මේෂ – රැකියා සහ ව්‍යාපාරවලින් ලාභ
සඳු ගමන් ගන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි. රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබිය හැකි ආර්ථිකය ශක්තිමත් සතියකි. පොදු හා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් වැඩි දායකත්වයක් සපයයි. දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව සැලසේ. සතියේ අග දිනට කලින් දිනය ප්‍රවේශමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න.
සුබ අංක – 4, 5 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
වෘෂභ – පුණ්‍ය කටයුතුවලට නැඹුරුවක්
සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ඔබට යහපත ගෙන දෙයි. රැකියා ව්‍යාපාර දරුවන්ගේ කටයුතු සපලතාවට පැමිණෙයි. ලැබීම් සහිතයි. විවාහ වීමට සිටින අයට කාලය යහපත් වේ. සතියේ අග දින ප්‍රවේශමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්න. අපල අවම වීමට භාවනාවක නිරත වන්න.
සුබ අංක – 6, 9 / සුබ වර්ණ – රෝස, ලා නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මිථුන – ගෘහ දිවියේ සාමය
සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවත් කන වැකෙන්නට ඉඩ ඇත. ඉන් පසු කාලය අයහපත් නොවේ. ගෘහ ජීවිතය තුළ සාමකාමී වාතාවරණයක් සහ පුණ්‍ය කටයුතුවලට සහාය දෙන බවක් පෙන්නුම් කරයි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලබයි. දරුවන්ගේ අධ්‍යාපනය රැකියා ආදියේ සුබපල දනවයි. අපල අවම වීමට කුඩා දරුවන් ආරක්ෂා කරන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණය – කොළ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
කටක – ව්‍යාපාර ලාභ
සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතු ස්වයංරැකියා දියුණුවට වැඩ කර ගනියි. සාමාජීය දේශපාලනික පොදු කටයුතු උනන්දුවෙන් කරන ගෘහ ජීවිතය සතුටින් ගත කරන සතියකි. එසේ වුවද සුළු අනතුරු ආපදාවලට ද ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කල් ගෙවන්න. අපල අවම වීමට චන්ද පිරිත කියන්න.
සුබ අංක – 3, 5/ සුබ දවස් – සඳුදා, බ්‍රහස්පතින්දා / සුබ වර්ණ – සුදු, කහ
සිංහ – සහජ දක්ෂතා වැඩිදියුණු වෙයි
සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලබන සහජ දක්ෂතා වැඩිදියුණු වන සතියකි. සාමාජීය සම්බන්ධතා උසස් උගත් මිතුරන් මුණගැසේ. පූජ්‍ය පක්ෂයේ අනුශාසනා ලබයි. දරුවන්ගේ උසස් අධ්‍යාපනික ප්‍රගතිය ගෙන දෙයි. හදිසි අනතුරු අසනීප සතුරු කරදර මෙන්ම පාඩුද සිදු වීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත් වන්න. අපල අවම වීමට දුර්වල අයට උදවු කරන්න.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා
කන්‍යා – දරුවන්ගේ අරමුණු සපල වේ
සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ යහපත් අරමුණු සපල වන අතර ප්‍රමාද විවාහ ආදියට සුබපල පමුණුවයි. ආර්ථිකය ශක්තිමත් වේ. රැකියා තත්ත්වය හෝ වෙනත් අයුරකින් තත්ත්වය උසස් වීමක් හෝ සිදුවිය හැකිය. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබුණේනම් ඒ පිළිබඳ සපලතාවයට ඉඩ ඇත. අපල තත්ත්වයන්ද පෙන්නුම් කරයි. අපල අවම වීමට දරුවනට දැනුම දෙන්න.
සුබ අංක -2, 3 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා
තුලා – මාපිය දූදරු සබඳතා ශක්තිමත් වේ
සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය සාමකාමීව ගෙවන අතර මා පිය දූදරු බැඳීම් ශක්තිමත් වේ. මවගේ සහයෝගය හිමිවේ. ඒත් සතිය පුරා මවගේ සිත නොරිදා වැඩ කටයුතු කරන්නට සිතීම වැදගත් වේ. ගෙදරදොර පිළිවෙළ පිරිසුදුකම මෙන්ම පදිංචි ස්ථානයේ නිරවුල් බව සඳහා වෙහෙසෙයි
සුබ අංකය – 6 / සුබ වර්ණ – සුදු, ක්‍රීම් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික – ධෛර්යවත් සතියකි
සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. උපන් හපන්කම් මත කටයුතු කරයි. නිවෙස් අලුත්වැඩියා කිරීමකට හෝ නව නිවාසයක් තැනීමට අදහස් කළ හැකිය. උත්සාහයෙන් සිය රාජකාරි ඉටු කරමින් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත්වෙයි. මවගේ සහයෝගය මෙන්ම වෙනත් උපකාරද ලබයි. සිත් රිදීම්, කලකිරීම් ආදියට ඉඩ ඇත. සංවරශීලි කතාබහ, හැසිරීම් ආදියෙන් ඔබගේ අපල අඩුකර ගත හැකිය.
සුබ අංක – 2, 4 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
ධනු – ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. සුළු හෝ ධනයකට උරුමකමක් ඇත. ගෙදර දොර කටයුතු කෙරෙහි උනන්දු වන අතර මවගේ සහයෝගය ලබන සතියකි. දරුවන්ගේ කටයුතු ද සතුටුදායකය. ආර්ථිකය ශක්තිමත් වේ. සහජ දක්ෂතා මතු කරයි. කෙනෙකුගේ සිත් රිදීමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම ඔබගේ අපල අඩු කරයි.
සුබ අංක – 6, 8 / සුබ වර්ණය – කහ / සුබ දවස් – ඉරිදා, බ්‍රහස්පතින්දා
මකර – ප්‍රසිද්ධිය ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් මතිනි. සුහද මිතුරන් මුණ ගැසෙන පොදු සාමාජීය වැඩවලට සහාය දෙන සතියකි. සහජ දක්ෂතාවලින් තම ආර්ථිකයට පිටිවහලක් ලබා දෙයි. උත්සාහය උනන්දුව වර්ධනය වේ. අලසකම් දුරුවේ. සුහද කතාබහ නිසා ඔබට යහපත් ප්‍රසිද්ධිය ගෙන දෙයි. සතියේ අග ප්‍රවේශමෙන් වචන හසුරුවන්න. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර ජලය දෙන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණය – නිල්/ සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
කුම්භ – මිශ්‍රපල ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි. ආරම්භය දුර ගමන් යෙදිය හැකිය. පාඩුවක් සිත් රිදීමක් වුවද ඇති විය හැකි බැවින් ඒ දිනය බුද්ධිමත් වන්න. ඉන් පසු කාලය අයහපත් නොවේ. එහෙත් රාහු ලග්නයට පැමිණිම නිසා ඉක්මන් තීරණ නොගන්න. දරුවන්ට සුබපල ගෙනදෙයි. සියලු දේම කල්පනාකාරීව මෙහෙයවන්න. අපල අවම වීමට රෝගීන්ට සලකන්න.
සුබ අංක – 3, 8 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – සිකුරාදා, බදාදා
මීන – ගේදොර කටයුතුවල සාර්ථකත්වය
සඳු ගමන් ගන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු සාර්ථක වන ලැබීම් සහිත සතියකි. දෙවන තුන්වන දිනවල සිත් රිදීමක් කලකිරීමක් ඇති විය හැකි බැවින් ඔබ ඇසුරු කරන අය සමඟ ප්‍රවේශමෙන් වචන හුවමාරු කරන්න. මිල මුදල් අතින් හිඟ පාඩු නොවේ. සාමාජීය හැසිරීම තැන්පත් බව ඔබගේ අපල අවම කරයි. බොහෝ අයගේ සුහදකම් වර්ධනය කෙරේ. අපල අවම වීමට බෝමළුව අමදින්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණය – කහ/ සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා