මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියානු කලාපය (MEASA) තුළ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාතික සේවා කටයුතු තවත් වර්ධනය වනු ඇත. මෙම නව වර්ධනීය පියවර පිළිබඳ කොමර්ෂල් බැංකුව පැවසූයේ, DIFC හි නියෝජිත කාර්‌යාලයක් පවත්වාගෙන යෑම සඳහා ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් (DFSA) බලපත්‍රයක් දැනටමත් ලැබී ඇති අතර, නුදුරේ දී ම මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.