මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේදී ඉපැරණි සංස්කෘතිය හා නවීන තාක්ෂණය එකට මුසු වූ නවීනතම අත්දැකීමක් දැක බලා ගැනීමට ජනතාවට හැකි විය. මැයි 10 වැනිදා සිට 18 ඉරිදා දක්වා, නෙළුම් කුලුන පරිශ්‍රයට පැමිණෙන ඕනෑම කෙනකුට, දකුණු ආසියාවේ ප්‍රථම වරට ඉමර්සිව් තාක්ෂණය සමඟ නිර්මාණය වූ ‘ජීවිතයෙන් එක දවසක්’ නම් ඩිජිටල් වෙසක් කලා නිර්මාණය උදෑසන සිට රාත්‍රිය දක්වා දැක බලා ගැනීමට අවස්ථාව උදා වේ.
“මෙය කලා නිර්මාණයකින් එහාට ගිය අලුත්ම අත්දැකීමක්. මෙය අපගේ අනන්‍යතාව පිළිබඳ අපට නැවත මතක් කරවන නිර්මාණයක්. මේ තුළින් බෞද්ධ සම්ප්‍රදාය, ඩිජිටල් නිර්මාණයක් ලෙස නැරැඹීමට ඔබට හැකි වේවි…” නෙළුම් කුලුන ප්‍රධාන විධායක නිලධාරි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ආචාර්ය චමරු ද අල්විස් පැවසීය.