DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගවලිය සඳහා සියලු කටයුතු සූදානම් බව නිවේදනය කරයි. ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කර ගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තැබීමට DSI ප්‍රධානත්වයෙන් වර්ෂ 1999 දී ආරම්භ කළ DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලාංකේය වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපීපෙනෙන දියුණුවකට මඟ හෙළි කළ සන්ධිස්ථානයකි. ආරම්භක ශූරතාව සඳහා කණ්ඩායම් 198 ක් තරගවැදුණු DSI Supersport පාසල් වොලිබෝල් තරගවලියෙන් එදා මෙදාතුර ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු 400කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දී තිබේ. මෙවර තරගාවලියට දිවයිනම නියෝජනය වන පරිදි පාසල් වොලිබෝල් කණ්ඩායම් 4,000 කට අධික ප්‍රමාණයක් සහභාගි වේ.
23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය ඇරඹේ
126
previous post