Home » HP පරිගණක සඳහා වසර තුනක වගකීමක්

HP පරිගණක සඳහා වසර තුනක වගකීමක්

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ Intel සහ AMD උපාංග ඇතුළත්, තෝරාගත් ලැප්ටොප් පරිගණක සඳහා වසර තුනක වගකීමක් හඳුන්වා දෙන බව HP නිවේදනය කරයි. HP අවධාරණය කරන්නේ මෙම වගකීමේ සහතික ලබා ගැනීම සඳහා බලය ලත් අලෙවිකරුවන්ගෙන් පමණක් මිල දී ගැනීම අත්‍යවශ්‍ය බවයි. බලය ලත් අලෙවිකරුවන් නිෂ්පාදනයේ ප්‍රමිතිය සහතික කිරීමට අමතරව අලුත්වැඩියා කිරීම ඇතුළු ප්‍රතිලාභ සඳහාද පහසුකම් සපයයි.

මේ වගකීම් සහතිකය ලබා දීමේදී HP කරුණු කිහිපයක් පිළිබඳ සහතික වෙයි. Windows OS සහතික කළ ඉංජිනේරුවන්ගේ අනුමැතිය සහිත ප්‍රමිතියෙන් යුතු අමතර කොටස් යොදා නිමවා ඇති බවයි. එමෙන්ම ප්‍රමිතියකින් තොර උපාංග භාවිත කරමින් අලෙවි කරන උපාංග නිසා ඇතිවිය හැකි ගැටලු අවම කරගැනීමට අවස්ථාවක් සලසා දී ඇති බවයි.

මේ අනුව Intel Core i3, Core i5, Ryzen 3 සහ Ryzen 5 මෙහෙයුම් පද්ධතිවලින් සමන්විත ලැප්ටොප් පරිගණක සඳහා වසර තුනක වගකීම් සහතිකය හිමි වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division