Home » හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ඉදිරිපත් කරන ‘Symphony of Hope’ පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා

හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ඉදිරිපත් කරන ‘Symphony of Hope’ පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන්ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනය, හෙල්ප්ඒජ් අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් ‘Symphony of Hope’ නමින් විශේෂ පුණ්‍ය ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

දූදරුවන් සමඟ එකට නැරඹිය හැකි පවුලේ ප්‍රසංගයක් වන මෙම සංගීත සන්ධ්‍යාව, මැයි මස 23 වැනි දා කොළඹ, මියුසියස් විද්‍යායීය ශ්‍රවණාගාරයේ දී රාත්‍රී 7.30ට ආරම්භ වන අතර, මෙම උසස් පුණ්‍ය කටයුත්ත උදෙසා තම කාලය සහ කුසලතාව නොමසුරුව කැප කරමින් සොහාන් වීරසිංහ, ඇනස්ලි මාලේවන, මරියසෙල් ගුණතිලක, අශාන්ති ද අල්විස්, ජූඩි ද සිල්වා, කීර්ති පැස්කුවල්, ෆැලන් ඇන්ඩ්‍රියා, ඩේමියන් වික්‍රමසිංහ, රුක්ෂාන් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රකට කලාකරුවන් කිහිප දෙනකුම සිය දායකත්වය ලබා දෙනු ඇත. කෙසේ වෙතත් මේ ප්‍රසංගය විනෝදාස්වාදය පමණක් නොව, ඇසේ සුද ආශ්‍රිත වළක්වාගත හැකි අන්ධභාවය පිළිබඳව ද, දැනුම්වත්භාවය ඇති කරන අත්දැකීමක් වනු ඇත.

හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සභාපති තිලක් ද සොයිසා මහතා සඳහන් කළේ, “අපගේ වැඩිහිටි ජනගහනය, විශේෂයෙන් ඇසේ සුද ආශ්‍රිත අන්ධභාවයෙන් පීඩාවට පත් වූවන්, සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි පිරිසක්. ‘සිම්ෆනි ඔෆ් හෝප්…’ විනෝදාස්වාදයේ සන්ධ්‍යාවක් පමණක් නොව, අවශ්‍යතා ඇති අයට සහාය වීමට ලද අවස්ථාවක් සපයන්නේ මේ පසුබිම නිසයි. මෙම වැදගත් කාර්යයේදී අප සමඟ සිටීමට සියලුම ශ්‍රී ලාංකිකයින්ට අප ආරාධනා කර සිටිනවා…”

හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා විධායක අධ්‍යක්ෂ වෛද්‍ය හර්ෂ බණ්ඩාර මහතා: “Symphony of Hope වැනි සත්කාර්යයන් හරහා, හෙල්ප්ඒජ් Charity අක්ෂි රෝහලේ අපගේ ජීවිත වෙනස් කරන කාර්යය දිගටම කරගෙන යෑමට අවශ්‍ය දැනුම්වත්භාවය සහ මූල්‍යමය සහයෝගය අපට ජනනය කළ හැකියි. අපගේ රෝහල දිනකට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 20ක් සිදු කරන අතර, ඒ සඳහා වැය වන වාර්ෂික මෙහෙයුම් පිරිවැය රු. මිලියන 73 ඉක්මවන අතර, සෑම සහයෝගයකින්ම, වඩාත්ම අවශ්‍ය අයගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරනවා…”

අනුග්‍රාහකත්වයන් සහ ටිකට් පත් අලෙවියෙන් ප්‍රසංගයට පූර්ණ අරමුදල් සපයනු ලබන අතර, අනුග්‍රාහකයන්ට විවිධ මාධ්‍ය මඟින් සම්බන්ධ විය හැකියි. ප්‍රසංගයේදී බැනර් ප්‍රදර්ශනය, මාධ්‍ය ආවරණය සහ සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය… ඇතුළු අවස්ථා ගණනාවක් මේ සඳහා විවෘතයි.

ටිකට්පත් Online ඔස්සේද මිල දී ගත හැකි අතර, යම් අනුග්‍රහයක් දැක්විය නොහැකි අය, ටිකට්පත් මිල දී ගැනීම හෝ ප්‍රසංගයට සහභාගි වීමෙන් මෙම අරමුණට සහාය වන ලෙස හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනය ආරාධනා කර සිටී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division