ඔස්ට්‍රේලියාවේ මැයි 1 දා පැවති ඉතා තීරණාත්මක ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පාක්ෂික වත්මන් අගමැති ඇන්තෝනි ඇල්බනීස් ඉතා විශිෂ්ට ජයක් ලබමින් නැවත වතාවක් ඔස්ට්‍රේලියාවේ අගමැති ධුරයට පත් වූ බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. විදෙස් මාධ්‍ය අගමැති ඇන්තෝනි ඇල්බනීස්ගේ ජයග්‍රහණය විස්තර කර තිබුණේ එය, අගමැති ධුරයේ දෙවැනි වාරයක් හොබවන ඓතිහාසික අවස්ථාවක් ලෙසයි.
ඇත්ත වශයෙන්ම අගමැති ඇල්බනීස්ගේ ජයග්‍රහණය, දශක දෙකක් ඇතුළත ඔස්ට්‍රේලියානු අගමැතිවරයකු දෙවතාවක් ඒ ධුරයට පත් වූ පළමු අවස්ථාව සටහන් කරයි. සිඩ්නි නුවරදී තම විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව කම්කරු පක්ෂ සාමාජිකයන් ස්වකීය ජයග්‍රාහී උත්සවය සමරද්දී එය අමතමින් අගමැති ඇල්බෙනීස් ප්‍රකාශ කර ඇත්තේ, ගෝලීයව අවිනිශ්චිතභාවයක් පවතින මේ අවස්ථාවේ ඔස්ට්‍රේලියානුවන් ප්‍රායෝගිකත්වයට හා නිර්ණයට ඉතා යහපත්ව ප්‍රවේශ වී ඇති බවයි.
ඔස්ට්‍රේලියානු මැතිවරණයට ස්වල්ප දිනකට පෙර පැවති කැනඩා මැතිවරණයෙන් කැනඩා අගමැති මාර්ක් කාතිගේ ජයග්‍රහණයද කැනඩා දේශපාලනයේ ඉතා සුවිශේෂ සන්ධිස්ථානයක් සලකුණු කළාක් සේ එක්සත් ජනපද ජනපති ට්‍රම්ප්ගේ මෑතකාලීන වෙළෙඳ හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති මේ මැතිවරණ දෙක උදෙසා බලපෑ තීරණාත්මක සාධකයන් වූ බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඔස්ට්‍රේලියාව, ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයෙන් හෙබි 6 වැනි පැරණිතම රාජ්‍යය වන අතර, මෙරට ඉතා ස්ථාවර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් ව්‍යවස්ථාමය රාමුව යටතේ මනාව භාවිත වන රාජ්‍යයක් ලෙස ප්‍රචලිතව ඇත. ඔස්ට්‍රේලියානු ලිඛිත ව්‍යවස්ථාවට අනුව මෙහි දේශපාලන ව්‍යූහය ව්‍යවස්ථාමය රාජාණ්ඩු පාලනයකට යටත් ෆෙඩරල් රාජ්‍යයකි. මේ ව්‍යවස්ථාමය රාජාණ්ඩුව පාර්ලිමේන්තු ක්‍රමය යටතේ පාලනය වීමක් සිදු වේ. එරට දේශපාලන පක්ෂ ව්‍යූහය තුළ විශාල පක්ෂ රාශියක සහභාගිත්වයක් නොපවතින අතර, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වටා ඔස්ට්‍රේලියානු ජනතාව ඒකරාශී වී ඇත. ඒ ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂය හා ලිබරල් ජාතික සභාගයයි.
ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයට කොතරම් දිගු ඉතිහාසයක් ඇති ද යත්: මෙය බිහි වී ඇත්තේ 1893දීය. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ක්‍රමය තුළ 1901 පටන් කම්කරු පක්ෂය ක්‍රියාත්මක වූ අතර, 1910 ෆෙඩරල් මැතිවරණයට සම්බන්ධ වී ඇත. නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා හා බටහිර ඔස්ට්‍රේලියාව ආවරණය කරගත් ප්‍රාන්තවල කම්කරු පක්ෂයේ දායකත්වය පවතින අතර (ALP) මේ පක්ෂය ලෝකයේ වෘත්තීය සමිති පදනම් කරගෙන නිර්මාණය වූ පැරණිතම පක්ෂ අතුරින් එකක් වීමද සුවිශේෂත්වයකි.
ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂය මෙවර මැතිවරණයේ දී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය එක් පැත්තකින් වාමාංශික පක්ෂවල ස්ථාවර නැඟීමක් ලෝකයේ බොහෝ රාජ්‍යයන් වෙතින් පෙන්නුම් කිරීමේ නව ප්‍රවණතාවක් ලෙස ද ගෝලීය දේශපාලනඥයින් හඳුන්වා දී ඇත.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රූබීඕ ඔස්ට්‍රේලියානු අගමැති ඇල්බනීස්ට ශුභාශිංසන පිරිනමමින් පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදයට ඉතා වටිනා සගයෙක් හවුල්කරුවෙක් හා මිතුරෙක් බවයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබපැතුම් එක් කරමින් ස්වකීය X ගිණුමේ තබා ඇති සටහනින් ප්‍රකාශ කර ඇත්තේ, ඔබට ලැබුණු මේ විශිෂ්ට ජනවරම තුළ ඔබගේ නායකත්වය යටතේ, ඔස්ට්‍රේලියානු ජනතාවගේ දෛවය, කල්පවත්නා අයුරින් අන්තර්ගතව ඇති බවයි. එමෙන්ම එක්සත් රාජධානියේ අගමැති කියා ස්ටමර්ද ඔස්ට්‍රේලියානු අගමැතිවරයාට සුබපැතුම් එක් කර ඇත.
මේ අතර, ලිබරල් පක්ෂය ඔවුන්ගේ ආරක්ෂක පීටර් ඩුටන් පරාජය වීමත් සමඟ නව පක්ෂ නායකයකු පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වී ඇත. අගමැති ඇන්ටනී ඇල්බනීස් නැවත කැන්බරාවලට පැමිණ ඇත. ගෝල්ඩ්ස්ටෙයින්හි ස්වකීය ආසනය ස්වාධීන පාර්ලිමේන්තු අමාත්‍යවරියක වූ ඩැනියෙල් හට තම ආසනය අහිමි වීමේ විශාල ඉඩකඩක් පවතින බව වාර්තා වේ. ඇයගේ ආසනය හිටපු ලිබරල් පාක්ෂික අමාත්‍ය ටිම් විල්සන්ට හිමි වීමට විශාල ඉඩක් ඇති බවද වාර්තා වී ඇත.
අගමැති ඇන්ටනී ඇල්බනීස් මැයි 5 දා ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් සමඟ ඔහුට ඉතා උණුසුම් සාකච්ඡාවක් පැවැත්වීමට තිබෙන බවයි. ඒ සාකච්ඡා ඔස්සේ, තීරු බදු සම්බන්ධයෙන් මෙන්ම Aukus ආරක්ෂක පිළිවෙත පිළිබඳව ඉතා ගැඹුරින් සාකච්ඡා මෙහෙයවීමට අදහස් කරන බවයි. Aukus ඔස්ට්‍රේලියාවේ විශාලතම ආරක්ෂක ව්‍යාපෘතිය වන අතර එය එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය සමඟ ඒකාබද්ධ වූවකි.