දශක පහකටත් වැඩි කාලයකට පස්සෙ ආසියාවෙ බොක්සිං තරු රැසක් හෙට පටන් අපේ රටට පායන කොට අද තවත් ඓතිහාසික ක්‍රිකට් මැච් එකක් කොළඹදීම කියන්නෙ මේ සීන් දෙකම සෙට් වෙන්නෙ කොළඹ එක ළඟ හොඳේ. එකක් සුගතදාසෙ; අනෙක ප්‍රේමදාසෙ.
කොහොම හරි කමක් නැහැ, දවස් දෙකකට වැඩේ සෙට් වෙන එකත් හොඳයි. මොකද කාරණේ කියන්නෙ: නැත්නම් ඉතිං මේ දෙකටම ඉන්ටරස්ට් අපේ ෆෑන්ස්ලට පොඩි ඉෂූ එකක් එනවා නේ… අනෙක කරදර වෙන්න දේකුත් නැහැ. මොකද කාරණේ කියන්නෙ: බොක්සිං ගේම් එක හෙට ඉඳල දවස් 12ක්ම තියෙනවා.
අපේ ක්‍රිකට් කෙල්ලො සෙට් එක අද ට්‍රයි-නේෂන් ෆයිනල් එකේදි ඉන්දියාවත් එක්ක සෙට් වෙනව. දන්නව නේ ඉතිං මේ දවස්වල ශ්‍රී ලංකා-ඉන්දියා-දකුණු අප්‍රිකා වන් ඩේ ට්‍රයි-නේෂන් ටූනමන්ට් එකක් තිබුණ කියල… ඒකෙ ෆයිනල් අද. මම ඒක ඓතිහාසික ක්‍රිකට් මැච් එකක් කිවුවෙ, අදත් අපි දින්නොත් ඉන්දියන් විමෙන්ස් ටීම් එකක් පිට පිට දෙවරක් පරාජය කළ ෆස්ට් ටයිම්. ඒ කියන්නේ අපේ කෙල්ලො සෙට් එක පහුගිය ඉරිදත් ඉන්දියන් ටීම් එක පැරැද්දුව. වන් ඩේ මැච් එකක එහෙම පැරැද්දුවෙ අවුරුදු 7කට පස්සෙ හොඳේ… මොකද කාරණේ කියන්නෙ: එදා ගහපු ගේමට අපේ කෙල්ලො සෙට් එකට එකෙන්ම ෆුල් රෙස්පෙක්ට්.
අනේ ඉතිං ක්‍රිකට්වලට එහෙම රෙස්පෙක්ට් කරන්න තරම් දේවල් අපිට රටට ලැබුණත්, සමහර කට්ටියගෙ ගේම්ස් දැක්කම ස්පෝට්ස් කියන එක තිත්ත වෙනවා. එයාල ස්පෝට්ස් ෆීල්ඩ් එකට ඇවිත් තියෙන්නෙම ගේම්ස් රන් කරන්න නෙවෙයි; ගේම් ගහන්න. ඒ ගහපු සෙල්ලම් කොච්චරද කිවුවොත්: දැන් අපේ රටේ ඔලිම්පික් මහගෙදරට වර්ල්ඩ් එකේ මහගෙදරිනුත් සල්ලි දෙන එකත් නවත්තල. ඒකෙ ඉන්න සමහර මහත්හොරු ගහපු ගේම්ස්වල ප්‍රතිඵල තමයි දැන් රටටම ලැබිල තියෙන්නෙ. ඔය ඔලිම්පික් එකේ ඉන්න ලියන මහත්තයෙක් රන් කරන අර බකට් බෝල් ක්‍රීඩාවෙ තවත් බකට් එකක් පෙරළලා කියල ආරංචියි. ඒ කියන්නෙ ලබන මාසෙ 9 දා සිට මෝල්ඩිව්ස්වල තියෙන යූත් ටූනමන්ට් එකට යන ශ්‍රී ලංකා ටීම් එක මේ සටහන තබන මොහොත වෙනකනුත් සිලෙක්ට් කරල නැහැයිලු.
මොකද කාරණේ කියන්නෙ: මෙහෙම ඩිලේ කරන හේතුව ටීම් එකට ස්පොන්සර් කරන අයට ඕන අය ටීම් එක ඇතුළට රිංගවගන්න තවමත් බැරි වෙච්ච නිසා කියලයි කට්ටිය කියන්නෙ… මෙහෙම කළාම මේ 16න් පහළ සවුත් ඒෂියන් ටූනමන්ට් එකට යන්න ඉන්න කොලිෆයිඩ් ස්කූල් ගර්ල්ස්ලට බෝයිස්ලට මොන තරම් මෙන්ටලි ප්‍රෙෂර් එකක් එනවද කියලවත් මේ ක්‍රීඩා කරවන අයට තේරෙන්නෙ නැති එකත් රටේම අවාසනාව නේ.
මේ ටූනමන්ට් එකට ස්කූල්ස් සෙට් එකක් ගියත්, මේකෙ සිලෙක්ෂන්ස්වලට අතගහන්න පාසල් සංගමයට කිසිම සේ එකක් නැහැ කියලත් ආරංචියි. අර ලියන මහත්තයගේ ගැන්සියට ඕන විදියට තමයිලු සියලු වැඩ සිද්ධ වෙන්නෙ. අප්ප! අපි දැක්ක ඔය ලියන මහත්තය අතනින් එළවනව කිවුවම, එයත් එක්ක එක අත්තෙ ලැගල ඉන්න මහත්වරු සෙට් එක දෙබරෙට ගලක් ගැහැවුවම වගේ ඇවිස්සිලා පහුගිය දවසක නටපු නැටිල්ල!
ඔක්කොටම වැඩිය හිනා අර කළු-කෝට්කාරයගෙ රැඟිල්ල! අනේ මේ මොන ස්පෝට් එකක් කරලද ඔය මෑන්ස්ට ස්පෝට්ස් බොඩි එකක ප්‍රසිඩන්ට් කමක් ලැබුණෙ? එදා ඔය මෑන්ස් රඟපු වෙලාවෙ මීඩියා එකෙන් දාපු බවුන්සර්වලට බය වෙච්ච මෑන්ස් ප්‍රෙස් එක ඉවර වුණාම මීඩියා මල්ලි කෙනෙක් ළඟට ඇවිල්ල “මල්ලි, මම ඉස්කෝලෙ යන කාලෙ ඇත්ලෙටික්ස් කරල තියෙනව…” කිව්වලු.
පව් ඉතිං… ඔය කෝට් එකට ගැළපෙන රස්සාවවත් හරියට නොකරන මිනිහ මේකට රිංගාගත්තෙ මොකටද කියලා ඔය ටොරිංටන් මහගෙදර අයවත් සොයා බලන්නෙ නැද්ද?