Home » මැලේසියාවේ ඉපෝහි උපන් තරුව යෝ චු කෙන්ග්

මැලේසියාවේ ඉපෝහි උපන් තරුව යෝ චු කෙන්ග්

by thanushika
May 10, 2025 12:30 am 0 comment
ශ්‍යාමා දේවිකා දමයන්ති

තම රංගන ජීවිතය තුළ ඇය ශක්තිමත් නමක් තබා ඇත. ඒ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමි කරගත් පළමු ආසියාතික රංගන ශිල්පිනිය ලෙසයි. එනමුදු තම ‘ජීවිතය අසම්පූර්ණ යැයි‘ විටෙක ඇය පවසයි. ඒ ඇයට මවක වීමට නොහැකි වීමයි. එසේ වී නමුදු ඇයට පසුතැවිල්ලක් නොමැති බව පෙරළා පවසයි. ඇය ලොව බලවත්ම ගැහැනියක්. සුරූපිණියක්. මැලේසියානු නිළියක්. ඇය යෝ චු කෙන්ග් (මිෂෙල් යෙඕ)

ඈ 1962 අගෝස්තු 6 වැනිදා මැලේසියාවේ පෙරාක්හි ඉපෝ හි ධනවත් පවුලක උපත ලැබුවාය.

ඇගේ පියා මැලේසියාවේ සෙනෙට් සභිකයෙකු‍, පෙරාක්හි මැලේසියානු චීන සංගමයේ සාමාජිකයෙකු,පෙරාක් නීතිඥ සංගමයේ සභාපතිවරයෙකු සහ 1975 වසරේ මැලේසියාවේ හා සිංගප්පූරුවේ ප්‍රධාන නගරාන්තර පුහුණුකරු සේවාවක් වන ‘ශ්‍රී මාජු‘ හි නිර්මාතෘ වේ. ඇය කුඩා කළ සිටම නර්තනයට ඇලුම් කළාය. වයස අවුරුදු හතරේ දී මුද්‍රා නාට්‍ය කලාව ආරම්භ කළාය. ඇය නර්තන රචනය සහ අනෙකුත් කලාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේ, වයස අවුරුදු පහළොවෙන් පසුවය. ඇය 1983 වර්ෂයේ දී ක්‍රෙව් අල්සාගර් උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබා ගත්තාය. ඇය හොකියන් සහ කැන්ටනීස් පරම්පරා සම්භවයක් හිමි, ඉංග්‍රීසි භාෂාව මනාව ග්‍රහණය කර ගත්තියකි.

ඇය විසි හැවිරිදි වියේ දී මැලේසියා වර්ල්ඩ් තරගය ජයග්‍රහණය කළාය. ඒ සමඟම ඇය ලන්ඩනයේ පැවති 1983 මිස් වර්ල්ඩ් තරගයේදී මැලේසියාව නියෝජනය කළාය. ඉන් පසුව ඇය ඔස්ට්‍රේලියාවේ දී 1984 ‘මිස් මුම්බා‘ ජාත්‍යන්තර තරගය ජයග්‍රහණය කළාය.

මිෂෙල් රංගනයට පිවිසෙන්නේ‍, රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීමකිනි. ඒ ජැකී චෑන් සමඟිනි. ඇය හොංකොං හිදී ඇගේ වෘත්තීයමය ජීවිතය ආරම්භ කළාය. මිෂෙල් රංගනයට පිවිසියේ‍, සටන් කලා චිත්‍රපටවලිනි. ඇය පළමුවරට ප්‍රධාන චරිතයට දායක වූයේ 1985 ‘යෙස් මැඩම්‘ නම් ඇගේ තුන්වෙනි චිත්‍රපටයෙනි.

‘යෙස් මැඩම්!‘ ( 1985 ) සහ සුපර්කොප් ( 1992) චිත්‍රපටවල රංගනයෙන් පසු මිෂෙල් යෙඕ‍, හොංකොං සිනමාවේ ඉහළම කාන්තා තාරකාව ලෙස ඉස්මතු වූවාය. යෙඕ‍, ටුමෝරෝ නෙවර් ඩයිස් ( 1997) සහ ක්‍රෝචිං ටයිගර්, හිඩන් ඩ්‍රැගන් (2000) හි රඟපෑම් සඳහා ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත්විය. තවද ක්‍රේසි රිච් ඒෂියන්ස්(. 2018) වැනි චිත්‍රපටවල ඇගේ රඟපෑම් හොලිවුඩයේ ආසියානු ඇමරිකානු දක්ෂතා ප්‍රදර්ශනය කරන චිත්‍රපට රැල්ලකට දායක වෙමින් මඟපෑදීය.

ඇගේ හොලිවුඩ් වෘත්තීය ජීවිතය Memoirs of a Geisha (2005), Sunshine (2007) සහ The Mummy: Tomb of the Dragon Emperor (2008) හි චරිත සමඟ ඉදිරියට ගියේය. ඇය හොංකොං සහ චීන සිනමාවේ දිගටම පෙනී සිටි අතර, True Legend, Reign of Assassins (2010 දෙකම), Crouching Tiger, Hidden Dragon: Sword of Destiny (2016) සහ Master Z: Ip Man Legacy (2018) යන චිත්‍රපටවල රඟපෑවාය. 2011 දී ඇය බ්‍රිතාන්‍ය චරිතාපදාන චිත්‍රපටයක් වන ‘ද ලේඩි‘ හි ‘අවුන් සාන් සූ කී ‘ චරිතය නිරූපණය කළාය.

යෙඕ‍, 2023 වර්ෂයේ දී හොඳම නිළිය සඳහා ඔස්කාර් සම්මානය දිනාගත් ප්‍රථම ආසියානු කාන්තාව වූවාය. ඒ ‘එව්රිතිං එව්රිවෙයාර් ඕල් ඇට් ඔන්ස්’ හි ඇගේ රංගනය වෙනුවෙනි.

මිෂෙල් යෙඕ‍, ඇකඩමි සම්මානයක් සඳහා නිර්දේශ වූ සහ දිනා ගත් පළමු මැලේසියානු ජාතිකයා ද හොඳම නිළිය සඳහා ඇකඩමි සම්මානය දිනා ගත් පළමු ආසියානු සහ දෙවන ‘වර්ණ කාන්තාව‘ ද වූවාය.

තව වරෙක ඇය අරගල කරන රෙදි සෝදන යත්‍ර හිමිකරුවෙකු වන ‘එව්ලින් ක්වාන් වැන්ග්‘ ලෙස රඟපෑවාය. මෙම චරිතය විචාරකයින්ගේ දැඩි ප්‍රශංසාවට ලක්විය. මිෂෙල් යෙඕ‍, කළ විශිෂ්ටතම රංගනයක් ලෙස එය විද්වතුන් පවා ප්‍රකාශ කළේය. මෙම රංගනය සඳහා ඈ ලැබූ ප්‍රථම ගෝල්ඩන් ග්ලෝබ් ජයග්‍රහණය සේම‍, එය දිනාගත් පළමු මැලේසියානු රංගනවේදිනිය වීමේ භාග්‍යද ඇය සතු විය. එසේම ඇයගේ පළමු ස්වාධීන ආත්ම නාමයෝජනා සහ ජයග්‍රහණය, පළමු ඔස්කාර් නාමයෝජනා සහ ජයග්‍රහණය, දෙවන BAFTA නාමයෝජනා සහ ඇගේ පළමු විචාරකයින්ගේ තේරීම් සම්මාන නාමයෝජනා. ඊට අමතරව, ඇය තිර නළු නිළියන්ගේ සංසද සම්මාන උලෙළේ ඕනෑම තනි ප්‍රධාන චිත්‍රපට කාණ්ඩයක් දිනා ගත් පළමු ආසියානු කාන්තාව බවට පත් වූ අතර, ප්‍රධාන චරිතයක නිළියකගේ විශිෂ්ට රංගනය සඳහා තිර නළු නිළියන්ගේ සංසද සම්මානය දිනා ගත්තාය.

යෙඕ‍, යළිත් ‘American Born Chinese‘ හි පෙනී සිටියාය. එය ‘ ජින් ලුවෙන් යැං’ විසින් රචනා කරන ලද ග්‍රන්ථයක් පාදක කරගත් ඩිස්නි කතා මාලාවකි. ඇගේ ජීවි⁣තය හා සසැඳියන් එපමණකින් නිමා නොවිණි. 2023 දී යෙඕ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකාවක් වූ අතර‍, හාවඩ් නීති විද්‍යාලයේ 2023 පන්ති දිනයේදී ඈ කතාවක් කළාය.

යෙඕ‍, ලැබූ සහජ කුසලතාවන් ක්ෂේත්‍ර ගණනාවක් පුරා පැතිර තිබූ නමුදු‍, චීන අක්ෂර කියවීමට හෝ ලිවීමට ඉගෙන නොගැනීම ගැන ඇය අදටත් බොහෝ සේ කනගාටු වෙන බව පවසයි.

යෙඕ පසුගිය වසරේ‍, Netflix සඳහා ‘The Brothers Sun‘ නමින් හාස්‍ය කතාමාලාවක් මෙහෙයවීය. ඇය තවත් ඉදිරි වසර ගණනාවක තිරගත වීමට නියමිත චිත්‍රපට සඳහා තම රංගන දායකත්වය ලබා දී අවසන්ය. ඒ අතරින් 2029 දෙසැම්බර් 21 වන දින නිකුත් කිරීමට නියමිත අවතාර් 4 හි මානව විද්‍යාඥ ආචාර්ය කරීනා මෝග් ලෙස යෙඕ ප්‍රේක්ෂකයන්ට දැකගත හැකිවනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division