Home » පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර අභාවප්‍රාප්ත වේ

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර අභාවප්‍රාප්ත වේ

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
අමිල මලවිසූරිය

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වසර 10කට අධික කාලයක් මාධ්‍යවේදීන් සමඟ ළෙන්ගතුව කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ඩී.එන්. මහකුමාර ඉකුත් සිකුරාදා (09) දින හදිසියේ අභාවප්‍රාප්ත විය.

1996 වසරේ ආධුනික උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර, වසර 29ක පොලිස් සේවා කාලය තුළදී දිවයිනේ පොලිස් ස්ථාන රැසක රාජකාරි කර තිබිණි. මිය යන විට 51 හැවිරිදි වියේ පසුවූ ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

කළුතර, පයාගල උපන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ අයෙකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division