53
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 12-14 දක්වා දින 3ක් සියලු සුරාසල්, මස් මාංස අලෙවිසල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර පැවසීය.
සුරාසල් වසා තබන කාලයේ බලපත්‍ර නීති කඩ කරන ස්ථාන සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ 1913 ක්ෂණික අංකයට හෝ 0112877688 අංක වෙත දැනුම් දෙන ලෙස සුරාබදු කොමසාරිස් ඉල්ලා සිටී.