Home » ඉතිහාසයේ ප්‍රථම වරට විභාග මුල් පුටුවට කාන්තාවක්

ඉතිහාසයේ ප්‍රථම වරට විභාග මුල් පුටුවට කාන්තාවක්

by Mahesh Lakehouse
May 10, 2025 12:32 am 0 comment
සුභාෂිණි ජයරත්න

නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ පත්වූ අතර, මෙරට 11 වැනි විභාග කොමසාරිස් ජනරාල්වරිය වන ඇය එම තනතුර සඳහා පත්වූ පළමු කාන්තාව වීම විශේෂත්වයකි.

මාපලගම මධ්‍ය මහ විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීය. රුහුණ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය හා පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද හිමිකර ගත්තාය.

වර්ෂ 1998දී ගුරු වෘත්තියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ විභාග දෙපාර්තමේන්තුවේ වසර 4ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු විභාග කොමසාරිස්වරියක ලෙස සේවය කරමින් සිටියාය. විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දරගේ සේවා කාලය පසුගියදා අවසන් වීමත් සමඟ එම තනතුර සඳහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ පත් වූවාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division