ඉන්දු-පාකිස්තාන ගැටුම් හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ කරච්චි හා ලාහෝර් දක්වා යන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, ඉදිරියේදී අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා එම ගුවන් තොටුපොළවල් විවෘත වූ විගස ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීමෙන් අනතුරුව කරච්චි හා ලාහෝර් දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසයි. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බලධාරියකු පැවසුවේ සාමාන්‍යයෙන් සතියකට පාකිස්තානයේ ලාහෝර් හා කරච්චි දක්වා ශ්‍රීලන්කන් ගුවන් ගමන් වාර 4 බැගින් ගමන් වාර 8ක් සිදු කරන බවයි.
කලාපීය ආරක්ෂක තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ ගුවන් සමාගම දිගටම අවධානයෙන් සිටින අතර, මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛව සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.