මෙවර පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය, පසුගිය මහමැතිවරණයේද ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා විශාල ජයග්‍රහණයක් අත් කරගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
මහ මැතිවරණයෙන් 17%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ සමගි ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය මෙවර 22% දක්වා ඉහළ ගොස් ඇතිවාක් මෙන්ම, විපක්ෂයේ සියලු පක්ෂද සිය ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන ඇති බව පැවසූ හෙතෙම, ජාතික ජන බලවේගය මහ මැතිවරණයේදී ලැබූ ජනවරම මේ මැතිවරණයේදී අහෝසි වී ඉතා කෙටි කලක් තුළ ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමින් තිබෙන බවක් දක්නට ලැබෙන බවද සඳහන් කළේය.