ඉකුත් දා පැවති පළාත් පාලන ඡන්ද විමසීමට සම්බන්ධ පැමිණිලිවලට අදාළ සිදුවීම්වල ස්වභාවය හා ප්‍රමාණය සැසඳීමේදී පෙර පැවති මැතිවරණවලදී රාජ්‍ය බලය හා දේපළ අවභාවිත කිරීමට සාපේක්ෂව යහපත් තත්ත්වයක් දැකිය හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.
නාමයෝජනා භාර ගැනීම ආරම්භ කළ මාර්තු 20 වැනිදා සිට මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පූර්ව මැතිවරණ කාලය තුළ මැතිවරණ පැමිණිලි 541ක් වාර්තා වී ඇත.
එම පැමිණිලි අතර දේශපාලන අරමුණු ඇතිව සංග්‍රහ කිරීමේ සිද්ධීන් 57ක්, රාජ්‍ය බලය, දේපළ සහ නිලධාරීන් අවභාවිතාව පිළිබඳ පැමිණිලි 38ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා 25ක් වේ.
ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා ජංගම රථ 200ක්, ජංගම නිරීක්ෂකයන් 800ක් ඇතුළු නිරීක්ෂකයන් 3000ක් යෙදවූ බවත් පෙර මැතිවරණවලදී ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් සිදුකර ඇති ස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් එම නිරීක්ෂණ කටයුතු සිදු කළ බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.