Home » කලාපයේ භූ-දේශපාලන ගැටුම්වලට අපි මැදිහත් වන්නේ නෑ

කලාපයේ භූ-දේශපාලන ගැටුම්වලට අපි මැදිහත් වන්නේ නෑ

ඇමැති නලින්ද ජයතිස්ස

by Mahesh Lakehouse
May 10, 2025 12:40 am 0 comment
රසික කොටුදුරගේ

ඉන්දු – පාකිස්තාන අර්බුදයේදී රජය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන අතර, ත්‍රස්තවාදය අනුමත කිරීම හෝ ඊට අනුබල දීමක් කිසි සේත් නොකරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ කලාපීය සාමය බැවින්, ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලදී දිය හැකි සහයෝගය ඕනෑම අවස්ථාවක ලබාදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්දීය සාගර කලාපයේ භූ-දේශපාලන ගැටුම්වලට කිසි සේත්ම මැදිහත් නොවන බවත්, එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය ලබා නොදීමේ ප්‍රතිපත්තිය තුළ රජය දැඩිව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division