Home » රඟහල ප්‍රවෘත්ති

රඟහල ප්‍රවෘත්ති

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

ගමන නොනිමෙයි පුන් පොහෝදා

වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් නිර්මාණය වූ “ගමන නොනිමෙයි“ ඒකාංගික ටෙලිනාට්‍යය වෙසක් පුන් පොහෝදා ( 12 වෙනිදා) ටී.එන්.එල් සුප්‍රීම් ටීවී , පියෝ ටීවී සහ ඩයලොග් ටීවී ඔස්සේ ප.ව. 12.30 ට විකාශය වේ. ගාමිණී හේවාවිතාරණ මෙය අධ්‍යක්ෂණය කර ඇත.

කුමාරී මුණසිංහ , නිමල් ජයසිංහ , නිල්මිණී වහින්ද්‍රාසිංහ, තාරක දිල්හානි , සුජීව කුමාර , දිල්හාරා ජයසිංහ , රශ්මිණ තරුමුතු, කවිනි වත්සලා සහ මිණිරුවන් ජයවර්ධන ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. “ගමන නොනිමෙයි“ සහය අධ්‍යක්ෂණය නොයෙල් ජයමහ වන අතර පිටපත නිල්මිණී වහින්ද්‍රාසිංහ ගෙනි. මෙම පෝදා ටෙලිනාට්‍ය නිෂ්පාදනය ආචාර්ය ජයන්ත රාජපක්ෂ ගෙනි.


The Judgement ළඟදීම

කෘතිම බුද්ධි තාක්ෂණය (AI)උපයෝගී කරගෙන නිර්මාණය කළ The Judgement චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි.

මෙහි රූපරාමු නිර්මාණය කිරීම සඳහා Luma Dream Machine, Pollo AI , Mini Max, Leonardo AI ද පසුබිම් සංගීතය සහ තේමා ගීතය සැකසීම සඳහා Suna AI Music යන තාක්ෂණික මූලාශ්‍ර භාවිත කර ඇත. The Judgement සංස්කරණය සහ ධ්‍යක්ෂණය ලක්ෂාන් පෙරේරා විසිනි. නිෂ්පාදනය , කතාව, දෙබස් සහ තිර රචනය හිරාන් ගමගේ ගෙනි.


‘ කක්කුට්ටා’ බොරැල්ලේදී

ජගත් පී. විජේවීර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ කක්කුට්ටා’ වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන වාරයක් මැයි මස 18 වැනි ඉරිදා ප.ව 3.30 ට සහ ප.ව 6.45 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ.

මෙහි රොඩ්නි වර්ණකුල , ෆර්නි රෝෂිණී, ජනක කුඹුකගේ, සමන් හේමරතන, මිහිරි ප්‍රියංගනී, රොහාන් විජේතුංග ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. කක්කුට්ටා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය ඇන්තනී සුරේන්ද්‍ර ගෙනි. රංග රංගවස්ත්‍ර නිර්මාණය කමල් අද්දරආරච්චි වන අතර වේදිකා පසුතල නිර්මාණය ධනංජය කරුණාත්න විසින් සිදුකර ඇත. ‘ කක්කුට්ටා’ නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම ජූඩි ශ්‍රීමාල් විසිනි.


‘ගුරු‘ ඇහැලියගොඩදී….

ජයසේකර අපොන්සු නාට්‍ය නිර්මාණ ‘ ගුරු’ වේදිකා නාට්‍යය මැයි මස 17 වැනිදා ප.ව. 3.30 ට සහ ප.ව 7.00ට ඇහැලියගොඩ සමුපියස ශ්‍රවණාගාරයේ දී වේදිකා ගතවේ.

ජයසේකර අපොන්සු , නිමල් යටිවල්ල , කපිල සිගේරා , ලක්මාල් සිල්වා, අසිතාශේන් අසිත්, රශ්මි හරිස්චන්ද්‍ර , නිසංසලා ජයවර්ධන, මර්සලීන් ඇන්තනී, මංගල මඩුගල්ල, උදීෂා ජයවීර, නදීකා තුෂාරි, ඉන්දු දිසානායක, සුබාගයා ගමගේ, මයුර මහේෂ්, ධම්මික සියසූරිය, නන්දන ප්‍රදීප් චරිත නිරූපණය කරති. ගුරු මංගල මඩුගල්ලගේ නිෂ්පාදනයකි.


‘මදර් ලංකා’ විශේෂ දර්ශනයක්

 

අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ ‘ මදර් ලංකා’ විශේෂ දර්ශනයක් මැයි 11 වැනිදා පෙ.ව 10.00 ට එනම් (අද) වැල්ලවත්ත සැවෝයි 3D සිනමා ශාලාවේදී පැවැත්වේ. මෙම විශේෂ දර්ශනය පවත්වනු ලබන්නේ ලෝක මව්වරුන්ගේ දිනයට සමගාමීවය.

මෙහි බිමල් ජයකොඩි, චතුරංග කොඩිතුවක්කු , ධනංජය සිරිවර්ධන සනත් ගුණතිලක, මාදිනී මල්වත්තගේ, ධර්මප්‍රිය ඩයස් , දිල්හානි ඒකනායක, හර්ෂිකා රත්නායක , හිරාන් යටෝවිට, කුසුම් පෙරේරා, සරත් කොතලාවල ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් ඊට රංගනයෙන් දායක වෙති.

‘මදර් ලංකා’ ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි.

නයනාංජලී දෙහිපිටිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division