Home » ළමා උයන

ළමා උයන

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

වෙසක් අසි­රිය

වෙසක් පෝය දා සිදු­හත් කුමරු ඉප­දුණා
වෙස් පෝය දා බෝසත් කුමරු බුදු වුණා
වෙසක් පෝය දා හිමි පිරි­නි­වන් පත් වුණා
වෙසක් පෝයදා බුදු තෙම­ඟු­ලම සිදු වුණා

එල්. සසඳි දමි­දුලා පෙරේරා
4 ශ්‍රේණිය ඒ
ප්‍රජා­පති බාලිකා විද්‍යා­ලය
හොරණ


අපට සතුට ගෙනෙන වෙසක්

වෙසක් පොහොය අපි හැමෝ­ටම වැද­ගත් දව­සක්. අපි එදාට මල්, පහන්, සුවඳ දුමින් බුදු රජා­ණන් වහන්සේ පුද­නවා. එදාට අපි සිල් සමා­දන් වෙනවා; රෑට තොරණ බලන්න යනවා.

වෙසක් පොහොය වැද­ගත් වන්නේ සිදු­හත් කුම­රුගේ ඉප­දීම, බුදු වීම, පිරි­නි­වන් පෑම මුල් කර­ගෙ­නයි. බෞද්ධ­යන් වෙසක් පෝය දව­සදී පින්කම් ගොඩක් කර­නවා. සිල් ඇත්තන්ට වගේම නැති බැරි අයට දන් දෙනවා; අස­රණ අයට උදවු උප­කාර කර­නවා. ඒ නිසා අපි වෙසක් දව­සට හරිම කැම­තියි.

ජී.එම්. ඉෂිණි නෙත්සරා ගුණ­ති­ලක
3 ශ්‍රේණිය, ශ්‍රී ගෝතමි දහම් පාසල,
කොස්සින්න.


තෙම­ඟුල සම­රමු

වෙසක් පෝය දා
සිදු­හත් කුමරු ඉප­දුණේ
තුන් ලොව­ටම සාධු සාධු
සෙතක් සැල­සුණේ…

සසර දුකට හේතුව සොයලා
ගිහි ගෙද­රින් අබි­නි­ක්මන් කරලා
උතුම් වෙසක් පුන් පෝදා
සියලු කෙලෙස් නසා
සම්මා සම්බුදු බව ලැබුවේ…

සත­ළි­ස්පස් වස­රක් තිස්සේ
තුන් ලොව­ටම සද­හම් දෙසුවේ
සසර දුකින් සත එතෙර කළේ
පිරි­නි­ව­නින් සැනසී නිවුණේ
උතුම් වෙසක් පුන් පෝ දිනයේ….

හෙෂාරා ගග­නෝ­දනී බාල­සූ­රිය
8 ශ්‍රේණිය, උසස් බාලිකා විදු­හල
මහ­නු­වර


සම්බුදු තෙම­ඟුල

සිදු­හත් කුම­රුන්ගේ උපත, බුද්ධ­ත්වය ලැබීම වගේම මහා පරි­නි­ර්වා­ණය යන සම්බුදු තෙම­ඟුල සිහි කර­මින් වෙසක් උත්ස­වය සම­ර­නවා. සුදු­ව­තින් සැර­සුණු සිල්ව­තු­න්ගෙන් පන්සල පිරී ඉතිරී යනවා. වෙසක් දව­සට ලස්සන කූඩු හදලා මුළු ගමම සර­ස­නවා. ගමේ හැමෝම එකතු වෙලා දන්සල් දෙනවා. පවුලේ ඔක්කොම වෙසක් බල­න්නත් යනවා.

ලසිරු ෂෙහංස ගුණ­රත්න
4 ශ්‍රේණිය, ලුම්බිණි ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලය, හොරො­ව්පො­තාන.


මමත් සිල් සමා­දන් වෙමි

වෙසක් පොහො­යට ආග­මික වැඩ­ස­ට­හන් රට පුරා පැවැ­ත්වෙ­නවා. සැදැ­හැ­ව­තුන් සිල් සමා­දන් වෙනවා. වෙසක් පොහො­යට අපේ ගෙද­රත් වෙසක් කුඩු පත්තු කර­නවා. අම්මාත් තාත්තාත් එක්ක පන්සල් යන මම ඉන් පසු වෙසක් තොරණ, වෙසක් කූඩු බලන්න යන්නේ ඉතාම ආසා­වෙන්.

අපේ පාසලේ වෙසක් උත්ස­වය වෙනු­වෙන් ධර්ම දේශනා, සිල් සමා­දම් වීම වගේම වෙසක් කූඩු තර­ගත් පැවැ­ත්වෙ­නවා. මමත් මෙවර සිල් සමා­දන් වෙමි.

හෙසත් තෙද­ස්වින්
4 ශ්‍රේණිය ඩී, අශෝක විද්‍යා­ලය, කොළඹ.


සිද්ධාර්ථ කුමා­රෝ­ත්ප­ත්තිය

සිදු­හත් කුමරු මෙලොව උපත ලැබුවේ වෙසක් පොහෝ දින­කය. බෝධි­ස­ත්ත්වයෝ උප­තට පෙර තුසිත දෙව්ලොව සිට පළමු කොට පස්මහ බැලුම් බැලූහ. තුසිත ලොවින් චුත වී ඇසළ පුර පස­ළො­ස්වක පොහෝ දින මහා­මායා මවු­කුස පිළි­සිඳ ගත්හ.

මායා දේවිය එදින මෙවන් වූ සිහි­න­යක් දුටු­වාය. චාතු­ර්ම­හා­රා­ජිකා දෙවි­ව­රුන් පැමිණ ඇය නහවා, දිව්‍ය වස්ත්‍ර­යෙන් සරසා, සුවඳ විල­වුන් ගල්වා, දිව්‍ය පුෂ්ප­යෙන් සරසා ඇඳක සත­පන ලදි. හොඬින් නෙළුම් මලක් රැගත් ඇත් පැටි­යෙක් මායා දේවි­යගේ දකුණු ඇල­යෙන් කුසට ඇතුළු විය. ඒ ඇය දුටු පින්බර සිහි­න­යයි.

උත්ප­ත්ති­යෙන් පසුව බෝස­තා­ණන් වහන්සේ ඍජුව සිට­ගෙන, උතුරු දෙසට පිය­වර හතක් තැබුහ. ඉන් පසු උදාන වාක්‍ය කිය­මින් මෙසේ සිංහ­නාද පැවැ­ත්වූහ:

අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ටෝ හමස්මි ලෝකස්ස
අය­න්මති මා ජාති නත්ථි­දානි පුන­බ්භවෝ

මම ලෙවට අග්‍ර වෙමි
මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි
මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි
මේ මාගේ අව­සන් උප­තය, නැවත උප­තක් නැත.

බෝග­මුවේ නන්ද­සාර හිමි
4 ශ්‍රේණිය, ශ්‍රී සිද්ධාර්ථ මහ පිරි­වෙන, දොලුව

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division