Home » සතියේ කලදවස

සතියේ කලදවස

මැයි 12 - 18 දක්වා

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

මේෂ – පොදු වැඩවලට සහාය

සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලබා දෙන පුණ්‍ය කටයුතු, පොදු සමාජ සේවා වැඩවලට සහාය දෙන සතියකි. රැකියා සඳහා ඇවිදිලි වැඩිවේ. එහෙත් පල ප්‍රයෝජන ඇත. සුබ අසුබ දෙයාකාරයෙන්ම ලැබෙන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අපල අවම වීමට රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 7, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ – සතුරු කරදර අවම වේ

සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. සතුරු කරදර අවම වේ. එහෙත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී සිත් රිදීමක් කලකිරීමක් ඇතිවිය හැකි බැවින් බුද්ධිමත් තීන්දු තීරණ ගන්න. වචනයක් පිට කිරීමට පෙර සිතන්න. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ගෙන දෙයි. දුර ගමන් බිමන් යෙදේ. ආර්ථිකය ශක්තිමත්ය. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටු වෙයි. අපල අවම වීමට මවට පියාට සලකන්න.

සුබ අංකය – 6 / සුබ වර්ණ – සුදු, ක්‍රීම් / සුබ දවස් – බදාදා, සිකුරාදා

මිථුන – යුග දිවිය සාමකාමී වේ

සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමට හැකි සතියකි. සතුරු බලවේග අඩු වී යයි. පොදු සාමාජීය කටයුතුවලදී ජයග්‍රහණ අත්පත් වේ. යුග දිවිය සාමකාමීව ගත කරයි. කනගාටුදායක අවස්ථා ද මතු කරයි. අපල අවම වීමට රතන සූත්‍රය කියන්න.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – බදාදා, සිකුරාදා

කටක – ගෘහ ජීවිතය යහපත්

සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු පිළිවෙළකට ක්‍රමානුකූලව කරන්නට උත්සාහ ගනී. දුර ගමන් බිමන් යෙදෙන දරුවන් සමඟ වැඩි සබඳකමක් පෙන්වන සතියකි. එහෙත් මව හා කටයුතු කිරීමේදී සිත් රිදීම් ඇතිවිය හැකිය. ව්‍යාපාර අංශ දියුණු වේ. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. පුණ්‍ය කටයුතු සඳහා සහභාගිත්වය ගෙන දෙයි. අපල අවම වීමට පත්තිනි මෑණියන්ගේ පිහිට පතන්න.

සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

සිංහ – සහජ දක්ෂතා ඔප් නැංවේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහජ දක්ෂතා ඔප් නැංවෙන, ඒවාට හිමි තැන ලැබෙන සතියකි. සහෝදර උපකාර මවගේ උදවු ලැබෙන බවක් පෙනේ. පවුලේ බැඳීම් වර්ධනය කෙරේ. පදිංචි ස්ථානයේ අතපසු වූ වැඩ පිළිසකර කිරීම්, පුණ්‍ය කටයුතු සිදු කරයි. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ගෙන දෙයි. අපල අවම වීමට සූරිය පිරිත දවස ආරම්භයේ කියන්න.

සුබ අංක – 4, 5, 6 / සුබ වර්ණය – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

කන්‍යා – ධන ලාභ

සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. වචනය නිසා බොහෝ අයගේ සිත් දිනා කටයුතු කරන අතර මිල මුදල් ලාභ ගෙන දෙයි. දූදරු සහෝදර පිරිස් එකතුව පුණ්‍ය කටයුතු මෙන්ම උත්සවවලට ද සහභාගි වෙයි. විදෙස් ගමන් සපල වේ. දුවා දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙනේ. අපල අවම වීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න.

සුබ අංක – 5, 7 / සුබ වර්ණ – සුදු, කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා

තුලා – ගෘහ දිවියේ සතුට

සඳු ගමන් ගන්නේ ලග්නය දෙවැන්න තුන්වැන්න සහ සිවුවැන්න හරහාය. ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකිය. සාමාජීය සහ පුණ්‍ය කටයුතුවලට දායකත්වය දෙන ආර්ථිකය ශක්තිමත් බවක් උසුලන සතියකි. සහජ දක්ෂතා තුළින් ජීවනෝපාය කටයුතු හොඳින් කරගෙන යයි. දේපළ ඉඩකඩම් වාසස්ථාන පිළිබඳ ගැටලු බොහෝ දුරට නිරාකරණය වෙයි. අපල අවම වීමට කරඳ පැළයකට සත්කාර කරන්න.

සුබ අංක – 4,7 / සුබ වර්ණ – සුදු, තැඹිලි / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික – රැකියා ව්‍යාපාර ලාභ

සඳු ගමන් ගන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි. ආරම්භයේදී දුර ගමනක් යෙදිය හැකියි. ඉන්පසු දින කීපය තම අභිමතාර්ථ ඉටුවන රැකියා ව්‍යාපාර ලාභ ලබන සහ යහපත් අයුරින් ගෙවා දමන සතියක් වේ. පුණ්‍ය කටයුතුවලටද සහභාගිත්වය ඇති කරයි. සහජ දක්ෂතා අනුව අනාගතය සැලසුම් කරයි. අපල අවම වීමට තරුණ දරුවන්ට යහගුණ දම් කියා දෙන්න.

සුබ අංක – 1, 2 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු – දරුවන්ගේ අධ්‍යාපන දියුණුව

සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය සහ දෙවැන්න යන භාවයන් මතිනි. කුමන ආකාරයෙන් හෝ ලැබීම් සහිත වාසනාවන්ත සතියකි. ඥාති හිතවතුන් නිවෙසට පැමිණේ. දරුවන්ගේ අධ්‍යාපනය විවාහය රැකියා ආදී කටයුතු මෙන්ම දරු පල සම්බන්ධවද සුබ පල ගෙන දෙයි. අපල අවම වීමට බෝ මළුව අමදින්න.

සුබ අංක – 3, 5, 6 / සුබ වර්ණ – කොළ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, සිකුරාදා

මකර – විදෙස් ගමන්

සඳු ගමන් ගන්නේ 10,11,12 ලග්නය යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර අංශ දියුණු වෙයි. ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ගෙදර දොර දියුණුවද සැලසෙයි. දරුවන්ගේ යහපත් කරුණු කාරණාවලට සුබ පල පමුණුවයි. විදෙස් ගමන් ද යෙදෙන්නට හැකියාව ඇත. සාමාජීය පොදු කටයුතු වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරයි. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර පාන ජලය දෙන්න.

සුබ අංක – 6, 8, 9 /සුබ වර්ණ – සුදු, රතු, නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.

කුම්භ – පුණ්‍ය කටයුතුවලට දායකත්වය

සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ඔබට යහපත ගෙන දෙයි. ගෘහ ජීවිතය රැකියා ව්‍යාපාර ගැටලු නොමැතිව පවත්වාගෙන යාමේ භාග්‍ය පවතී. දරුවන්ගේ අධ්‍යාපනික පසුබිම සුබදායී වේ. දුර ගමන් බිමන් මෙන්ම විදෙස් ගමන්වලට ද ඉඩ තිබේ. අපල අවම වීමට රෝගීන්ට සත්කාර කරන්න.

සුබ අංක :- 7, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මීන – සුබපල ගෙන දෙයි

සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. විදෙස් ගමන් ඉල්ලුම්කර තිබූ අයට ඒවා සපල විය හැකි වාතාවරණයක් පෙන්නුම් කරයි. කනගාටුදායක පුවත් කන වැකෙන්නට ද ඉඩ තිබේ. පුණ්‍ය කටයුතුවලට වැඩි දායකත්වයක් ගෙන දෙන අතර ගෙදරදොර අතපසු වී තිබූ කරුණු කාරණා සැලසුම්සහගතව යළි ආරම්භ කරයි. අපල අවම වීමට බෝ පත්‍ර අතින් අහුලා දමන්න.

සුබ අංක – 4, 9 / සුබ වර්ණ – කහ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division