Home » සයිබර් ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා CERTවෙතින් දැනුම්දීමක්

සයිබර් ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා CERTවෙතින් දැනුම්දීමක්

by chanaka
May 10, 2025 11:08 am 0 comment

සයිබර් ආරක්ෂාව පිළිබඳව මෑත කාලීන ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධානවලට සයිබර් ආරක්ෂණ සුපරීක්ෂාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පුර්ව ආරක්ෂණ පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය (CERT)දැනුම් දීමක් කර සිටියි.

දකුණු ආසියානු කලාපයේ පවතින වර්තමාන තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

අලුත්ම වාර්තාවන්ට මෙම උපදේශනය පූර්වාරක්ෂාව සදහාවූ පියවරක් ලෙස නිකුත් කර ඇති අතර මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට කිසිදු සෘජු තර්ජනයක් නොපවතින බවත් මෙරට ඩිජිටල් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාශීලීව සහ අවදියෙන් සිටීම අත්‍යවශ්‍ය බව සර්ට් ආයතනය තවදුරටත් සදහන් කරයි.

එසේම තාක්ෂණික සහාය සඳහා හෝ සිදුවීම් වාර්තා කිරීමට, පහත සදහන් සබදතා භාවිතාකරන මෙන්ඉල්ලා සිටියි.

Sri Lanka CERT – ක්ෂණික දුරකථන අංකය 101 / [email protected]

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division