යුනියන් ඇෂුවරන්ස්, අඛණ්ඩව සිය සේවා බළකාය වැඩිදියුණු , කිරීම සහ ආයතනය ඇතුළත ඉදිරිගාමී චින්තනයක් සහිත සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා වන සිය කැපවීම යළි තහවුරු කරමින්, ‘Grow Beyond Limits’ නමැති සිය නව සේවක වටිනාකම් යෝජනාවලිය (EVP) ඉදිරිපත් කර ඇත. එය නිල වශයෙන් හඳුන්වා දීම සඳහා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ පැවති උත්සවයට ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මහජන නිලධාරී ඉසුරු ගුණසේකර ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම යූනියන් ඇෂුවරන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කණ්ඩායම් සාමාජිකයින්ද සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ තරගකාරී රැකියා වෙළෙඳපොළේ වැඩි පිරිසකගේ තේරීම බවට පත් වන සේව්‍යයකු ලෙස සමාගම ස්ථානගත කරන අතරම ඉහළම දක්ෂතා සහිත පිරිස් ආකර්ෂණය කර ගැනීම, සංවර්ධනය කිරීම සහ රඳවා ගැනීම සඳහා යුනියන් ඇෂුවරන්ස් සතුව පවතින පුළුල් ව්‍යාපාර ක්‍රමෝපායයට මෙම සේවක වටිනාකම් යෝජනාවලිය හඳුන්වා දීම අනුකූල වේ.