Home » සිංගර්, ලෝ ප්‍රකට Piaggio Apé ත්‍රිරෝද රථ නැවත හඳුන්වා දෙයි

සිංගර්, ලෝ ප්‍රකට Piaggio Apé ත්‍රිරෝද රථ නැවත හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

සිංගර් ශ්‍රී ලංකා ගෝලීය වශයෙන් පිළිගත් ඉතාලි නිෂ්පාදකයකු වන Piaggio සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. ඒ සමඟ මෙරට ප්‍රවාහන අංශය වෙත පිවිසීමට සිංගර් සමාගමට හැකියාව උදා විය.

මෙම හවුල්කාරීත්වය තුළින් Piaggio ත්‍රිරෝද රථ නිල වශයෙන් නැවත මෙරට වෙළෙඳපොළ වෙත පිවිසීමේ අවස්ථාව ද සනිටුහන් කරනු ලබයි. උසස් තාක්ෂණය, ශක්තිමත් බව හා මනා ඉන්ධන කාර්යක්ෂමතාව තුළින් සුවහසක් පාරිභෝගිකයින් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති Piaggio මෙරට තුළද ඉමහත් පිළිගැනීමට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථ 100,000 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහන ක්ෂේත්‍රයට දායාද කරමිනි. ඩීසල් බලයෙන් ක්‍රියාත්මක අධි බල ත්‍රිරෝද රථයන්හි සිට විදුලියෙන් ක්‍රියාත්මක නව්‍ය තාක්ෂණයේ ත්‍රිරෝද රථ දක්වා විහිදුණු නිෂ්පාදන පෙළකට හිමිකම් කියන Piaggio ලොව පුරා බෙදා හැරීමේ නියෝජිතයින්, ප්‍රවාහන සේවා හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division