ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වාසය කරන උඩ මළුවේ සුදු වැලි ඇතිරීමේ වාර්ෂික පුජ්‍යෝත්සවය පසුගිය දා ලංකා බැංකුවේ මුලිකත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රටටත්, සියලු ම පුරවැසියන්ටත්, ගනුදෙනුකාර භවතුන්ටත්, කාර්ය මණ්ඩලයටත් සාමය, සහජීවනය සහ සෞභාග්‍යය උදා කර දීම වෙනුවෙන් ආශිර්වාද පතා පැවැත්වුණු මෙම පිංකම, නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අනුරාධපුර අටමස්ථානාධිපති සාහිත්‍ය ශූරී අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි සිදු කෙරුණු අතර, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා සහ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා ප්‍රධාන ලංකා බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය, ලංකා බැංකුවේ උතුරු මැද පළාතේ කාර්ය මණ්ඩලය ඇතුළු ලංකා බැංකුවේ බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.
BOC, අනුරාධපුර උඩමළුවේ සුදු වැලි ඇතිරීමේ පින්කමට වසර 42යි
40
previous post