මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියානු කලාපය (MEASA) තුළ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර සේවා කටයුතු තවත් වර්ධනය වනු ඇත.
මෙම නව වර්ධනීය පියවර පිළිබඳ කොමර්ෂල් බැංකුව පැවසූයේ, DIFC හි නියෝජිත කාර්‌යාලයක් පවත්වාගෙන යාම සඳහා ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් (DFSA) බලපත්‍රයක් දැනටමත් ලැබී ඇති අතර, නුදුරේදීම මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම නියෝජිත කාර්යාලය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) මෙහෙයුම් පවත්වා ගෙන යන ශ්‍රී ලංකාවේ මෙන් ම බංග්ලාදේශයේ හා මාලදිවයිනේ බැංකුවේ ගැනුම්කරුවන් ඇතුළුව, එම කලාපයේ වර්ධනය වෙමින් පවතින සේවාදායක පදනම වෙනුවෙන් සම්බන්ධතා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරනු ඇත. මේ වන විට බංග්ලාදේශයේ ශාඛා 20ක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ මාලදිවයිනේ අංගසම්පූර්ණ පළමු පෙළ බැංකුවක්, කොමර්ෂල් බැංකුව සතු වේ.