Home » ASUS, ලොව සැහැල්ලුම Next-Gen ROG Strix සහ Zephyrus නවෝත්පාදන එළිදක්වයි

ASUS, ලොව සැහැල්ලුම Next-Gen ROG Strix සහ Zephyrus නවෝත්පාදන එළිදක්වයි

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

ASUS සහ Republic of Gamers (ROG) Sri Lanka එක්ව සිය නවතම පරිගණක නවෝත්පාදන කට්ටලය පසුගියදා නිල වශයෙන් දියත් කරන ලදි. එහිදී එළිදක්වනු ලැබුවේ ASUS Zenbook A14 (UX3407), Vivobook S14 (S3407), Vivobook 16 (X1607) gaming මෙන්ම, ROG Strix SCAR 16/18 (G635/G835) සහ ROG Zephyrus G16 (GU605) යන නිෂ්පාදන පෙළයි. අතේ ගෙනයාමේ හැකියාව, ශක්තිය හා ආකර්ෂණීය නිමාව සමඟින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම නිෂ්පාදන පෙළ සිසුන්, වෘත්තිකයින්, ව්‍යවසායකයින්, gaming සඳහා උනන්දුවක් දක්වන්නන් මෙන්ම ඩිපිටල් නිර්මාණකරුවන් ඇතුළු බොහෝදෙනකුගේ අවශ්‍යතා සපුරාලීමට සමත් වනු ඇත.

මෙහිදී හඳුන්වා දෙනු ලැබූ ප්‍රමුඛතම නිෂ්පාදන ලෙස ASUS Zenbook A14 සහ ROG Strix SCAR 16/18 සඳහන් කළ හැකිය. ASUS Zenbook A14 ඉහළ කාර්ය සාධනය සමඟින් පුද්ගලික භාවිතය සඳහා සුවිසල් පහසුවක් අත්කරදෙයි.

ඡායාරූපය – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division