රජයේ ප්‍රමුඛ සිල්ලර වෙෙළඳ ජාලය වන ලංකා සතොස, 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය මඟින් පාරිභෝගිකයින් ඉලක්ක කරගත් අරමුණු තවදුරටත් තහවුරු කර ඇත. පසුගිය වසරේ (2024) එම කාල පරිච්ඡේදය හා සසඳන විට භාණ්ඩ මිල 28%ත් 65ත් සැලකිය යුතු ලෙස පහත හෙළීමටත්, වෙළෙඳ පරිමාවේ 5%ක වර්ධනයක් සහ වටිනාකමින් 6% වර්ධනයක් වාර්තා කිරීමටත් ලංකා සතොස සමත් වී ඇත.
ලංකා සතොස භාණ්ඩ මිල සැලකිය යුතු ලෙස පහත හෙළීමට බලපෑ ප්‍රධාන හේතු ලෙස,
• පරිපාලන වියදම් අඩු වීම – (Reduction in Administrative Costs) කාර්යක්ෂම කළමනාකරණය සහ වියදම් පාලනය හේතුවෙන් පරිපාලන වියදම් 20%කින් අඩු කිරීමට හැකි වී තිබේ.
• සමස්ත අපතේ යාම අඩු වීම – (Reduction in Overall Wastage) සැපයුම් දාම සහ මෙහෙයුම් ක්‍රියාවලීන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තුළින් සමස්ත අපතේ යාම 28% කින් අඩු කර ගැනීමට සමත් වී ඇත.
• ප්‍රවාහන වියදම් අඩු වීම – (Reduction in Transportation Costs) වාහන ජාලය ප්‍රශස්ත කිරීම සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවා භාවිතය හේතුවෙන් ප්‍රවාහන වියදම් 7% කින් අඩු වීම දැක්විය හැකිය.
මෙම සාර්ථකත්වයේ මූලිකම සාධකය වූයේ ලංකා සතොස පාරිභෝගිකයින්ට දැරිය හැකි මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ භාණ්ඩ ලබා දීමට ඇති කැපවීමයි.
තවද, ඉතිහාසයේ එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම විකුණුම් ප්‍රමාණය වන රුපියල් මිලියන 870ක අගය පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා කිරීමට ලංකා සතොස සමත් වී තිබේ.
දේශීය ආර්ථිකයට සහයෝගය දැක්වීෙම් අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, පසුගිය මාස කිහිපය තුළ දේශීය ගොවීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) සමඟ සෘජුවම සහයෝගීතාව වර්ධනය කර ගැනීමට හැකි වී තිබේ. එමඟින් ඔවුන්ගේ නැවුම් සහ උසස් තත්ත්වයේ භාණ්ඩ සතොස පාරිභෝගිකයින් වෙත සෘජුවම ගෙන ඒමටත්, ඔවුන්ට ස්ථාවර ආදායම් මාර්ගයක් උදාකර දීමටත් හැකි වී ඇත.
ලංකා සතොස තවදුරටත් වර්ධනය සහ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා උපායමාර්ගික පියවර රැසක් ක්‍රියාවට නැංවීමට සූදානම්ව සිටී.
• ධනාත්මක සේවා සංස්කෘතියක් ගොඩනැඟීම, සේවකයින් අතර සහයෝගීතාව, ගෞරවය සහ ඵලදායිතාව වර්ධනය කිරීම තුළින් උසස් සේවා පරිසරයක් නිර්මාණය කිරීම.
• අඛණ්ඩ පුහුණු වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධන අවස්ථා ලබා දීමෙන් සේවකයින්ගේ කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීම,
• සාමාජිකයින්ගේ ශාරීරික සහ මානසික යහපැවැත්ම සහතික කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා, සතොස සාමාජික සුභසාධනය සහතික කිරීම.
• අලෙවිසල් නවීකරණය කිරීම. පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ නවීන වෙළෙඳ අත්දැකීමක් ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි සතොස අලෙවිසල් අදියර වශයෙන් වැඩිදියුණු කිරීමට සැලසුම් කිරීම.
• නිෂ්පාදන කළමනාකරණය: පාරිභෝගික අවශ්‍යතා සහ වෙෙළඳ නව ප්‍රවණතා හඳුනා ගනිමින් ලංකා සහ වෙළෙඳසල් තුළ ඇති නිෂ්පාදන තවදුරටත් විවිධාංගීකරණය කිරීමට සහ ප්‍රශස්ත කිරීම… එම ඉදිරි පියවරයන් වේ.
මෙම සුවිශේෂි ජයග්‍රහණයේ ගෞරවය, ලංකා සතොස සාමාජිකයින්, පාරිභෝගිකයින් සහ සැපයුම්කරුවන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ට හිමි වන බව ලංකා සතොස සඳහන් කරයි.