Home » සනත් උදය කුමාර හා මධුරංග මෙත්රුවන් යන දෙදෙනාගේ අවසන් කටයුතු පුර්ණ ගුවන් හමුදා ආචාර ගෞරව සහිතව

සනත් උදය කුමාර හා මධුරංග මෙත්රුවන් යන දෙදෙනාගේ අවසන් කටයුතු පුර්ණ ගුවන් හමුදා ආචාර ගෞරව සහිතව

by chanaka
May 9, 2025 11:03 pm 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදි මාදුරුඹය ජලාශයට කඩාවැටීමෙන් ජිවිතක්ෂයට පත් ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මුලික කදවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්තව රාජකාරි කරනු ලැබු බලපංති සැරයන් සනත් උදයකුමාර හා කෝප්‍රල් මධුරංග මෙත්රුවන් යන අයයි.

බලපංති සැරයන් සනත් උදයකුමාර 2004 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි වෘත්තීය සදහා එක්වි ඇති අතර ඔහු දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක් වන අතර ඔහු දෙහි බැද්ද අමුණු පුල්ල වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

එම අනතුරෙන් ජීවිතක්ෂයට පත් අනෙක් ගුවන් හමුදා සාමාජිකයා වන කෝප්‍රල් මධුරංග මෙත්රුවන් අවිවාහක වන අතර ඔහුගේ පියා මියගොස් ඇති අතර තම මව හා වැඩිමහල් සහෝදරයා සමග සෙවනගම මහල්පොත බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2009 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි වෘත්තීය සදහා එක්ව තිබේ.

මොවුන් දෙදෙනාගේ අවසන් කටයුතු පුර්ණ ගුවන් හමුදා අචාර ගෞරව සහිත සිදුකිරිමට නියමිත ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division