Home » දූලා පුතාලා එහෙ දිනනවා අංකල්ලා මෙහෙ රඟනවා

දූලා පුතාලා එහෙ දිනනවා අංකල්ලා මෙහෙ රඟනවා

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

මා ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි… කොහොමද ඉතින් අලුත් අවුරුද්ද? හොඳයි… වරදක් නැහැ නේ? ඔන්න අවුරුද්ද පටන් ගත්ත ගමන්ම අපේ රටට රන් පදක්කමක් දිනා දෙන්න තවත් තරුෂි කෙනෙක් සමත් වුණා කියල ඔයාලා දැනටමත් දන්නවනේ. තරුෂි අභිශේකා නම් පොඩි දුව මේ හපන්කම කළේ පසුගිය 18දා සවුදි අරාබියේදී පැවති 6 වැනි අවුරුදු 18න් ආසියානු පහළ මලල ක්‍රී ඩා ශූරතාවලියේදී මීටර් 800 කාන්තා තරගය ජයග්‍රහණය කරමින්.

ඒ වගේම තවත් රිදී ලෝකඩ පදක්කම් 7කුත් දිනාගන්න අපේ පොඩි තරුෂි ඇතුළු පොඩ්ඩෝ සෙට් එකට පුළුවන් වුණා. අවුරුද්ද ලැබූ ගමන් අපේ රටට ගෙනැත් දුන්න මේ තෑග්ගට ගෞරවයට මෙන්න අපෙන් ඩබල් සැලියුට්. අනෙක් කාරණේ මේ වගේ වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියකදී රන් පදක්කම ශ්‍රී ලංකා මාතාවට උරුම වුණේ අවුරුදු 10කට පසුවයි. ඒ ක්‍රෙඩිට් එකත් තරුෂි දුවේ ඔයාට.

ඒ එක්කම තවත් කාරණයක් තියෙනව කියන්න. මොකද කාරණේ කියන්නෙ: ඒ මීට් එකටම ගිය අපේ පොඩි කෙල්ලන්ට මීටර් 1500 ඉසව්ව දුවන්න චාන්ස් එක නැති වුණේ කාගෙ වරදින්ද කියල හොයල බලලා නිසි පියවර ගන්න එකත් මේ රටේ මලල ක්‍රීඩාව කරවන මහත්වරුන්ගෙ වගකීමක් කියලත් මතක් කරනවා. මොකද කාරණේ කියන්නෙ: රට වෙනුවෙන් දුවන්න ගිහිල්ලා ඒ දරුවන්ට කඳුළ විතරක් ඉතිරි කළේ ඒ ළමයින්ගෙ වරදින් නම් වෙන්න බැහැ හොඳේ…

සවුදියට ගිහිල්ල ක්‍රීඩාව කරවන මහත්වරු එහෙම පිස්සු නටද්දි පහුගිය දවස්වල මෙහේ ඉන්න මහත්වරු සෙට් එකක් අර ටොරින්ටන්වල තියෙන ජාතික ටුවරිස්ට් කොමිටි නිවහනේ මාර ජෝගි ටිකක් නැටුව නේ! ඔය නිවහනේ නම වෙනස් වෙලා තියෙන්නෙ, මොකද කාරණේ: එතැන පහුගිය කාලෙම ඉන්න සෙට් එක කළේ ක්‍රීඩාවට රටට වැඩක් වෙන දේවල් නෙවෙයි. තනතුරු සංගම් හදාගෙන ටුවර්ස් යන එකයි ගොට්ට අල්ලන අයට ටුවර්ස් දෙන එකයි විතරයි. ඒවා මාට්ටු වෙලා දැන් හිටපු හත්-අට දෙනෙක් දැන් හොට බිම ඇනගෙන ඉන්නෙ.

මේ දවස්වල අපට එහෙන් මෙහෙන් පේන සීන් එකක් නේ මහත්හොරු ඇතුළට ගන්න කොට එළියෙ ඉන්න මහත්වරු වගේ කට්ටිය කෙඳිරිගාන එක.. ආන්න ඒ වගේ සීන් එකක් තමයි එතැන තිබුණ එස්ජීඑම් එකෙන් පස්සෙ සමහරු එළියට ඇවිල්ල දැම්මෙ. ඒක නම් කෙඳිරිගෑමක් නෙවෙයි ඇඬිල්ලක් වගේ.

මෙච්චර කල් ගේම් ගහපු සෙට් එකට ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන්ම වදින කොට ඉතුරු වෙලා ඉන්න එයාලගෙ යාළුවො හතර-පස්දෙනත් වතුර හැළිය උණුවෙන කොට දඟලන කකුළුවො වගේ තමයි දැන් කෑගහන්නේ. ඡන්දයක් ඉල්ලනවා. මොකටද අර? අපි නොදන්න පොරවල්ද ඉතින්?

අම්මෝ! ඔක්කොටම හපන් අර කළු-කෝට්කාරයා… අර පැරදිලා කුජීත වෙලා දැන් නිකං ආවේශ වෙලා වගේ කියවන පොර. මෑන්ස් මාර රැඟිල්ලක් රැඟුව නේ අප්පා! එදා තමයි අපි දන්නේ මෑන්සුත් මොකක්දෝ න්‍යෂ්ටියක සභාපතියෙක් කියල. අර සැක් කරපු ලියන මහත්තයටම ගැළපෙන පොරක්. ඒ විදියෙම ඩබල්-ට්‍රිබල් ගේම්කාරයෙක්.

වත්තක දොළකවත් ක්‍රීඩාවක් කරලා නැති, අවුරුදු කාලෙකවත් චක්ගුඩු ගහලා නැති පොරක් කොහොමද අනේ අර වගේ දුවන-පනින ක්‍රීඩාවක මහපුටුවට ආවෙ. ආව නෙවෙයි. මොකද කාරණේ කියන්නෙ: ඔය මෑන්ස් ඔතැනට ගෙනාවෙ අර කලින් ටොරින්ටන් මහගෙදර හිටිය ලොකු තැනලු. අර පොලොන්නරුවෙ හාදය. හාං මේ එදා එතන තවත් පොරක් රැඟුවෙ. අර පයින් බෝල ගහන පොර. එක වල්ලෙ පොල් වගේ තමයි ඉතින්. පහුගිය අවුරුදු තුන-හතරක් තිස්සෙ එයත් ගහපු ගේම්ස්. රිපෝට්ස් අපි ළඟ තියෙනවා හොඳේ…

මේ නාටක දැක්කම එන්නෙ මොකාටද කියල පැහැදිලියි. බලමු…

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division