Home » ඩිජිටල් හැඳුනුම්පතේ වැඩ අවසන් අදියරේ

ඩිජිටල් හැඳුනුම්පතේ වැඩ අවසන් අදියරේ

by Mahesh Lakehouse
May 3, 2025 12:31 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

මෙරට පුරවැසියන් සඳහා දැනට භාවිත කරන සාමාන්‍ය පුරවැසි හැඳුනුම්පත වෙනුවට නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි.

මේ ඩිජිටල් හැඳුනුම්පත මෙරට පුරවැසියන්ට ලබාදීමේ ව්‍යාපෘතිය මීට වසර 12කට පෙර ඇරඹී තිබුණද එය විධිමත් ලෙස ක්‍රියාත්මක නොවූ බව පැවසූ රත්නායක මහතා වත්මන් රජය බලයට පත් වීමෙන් පසු ඒ ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවද අවධාරණය කළේය.

මේ නව ඩිජිටල් හැඳුනුම්පතෙහි අඩංගු පුරවැසියන්ගේ ජීව දත්ත වෙනත් කිසිදු පාර්ශ්වයක් අතට පත් නොවන ලෝකයේ ඉහළම තාක්ෂණ ක්‍රමවේදවලට අනුව සකස් කරන බවත් ඉහළම ප්‍රමිතියකින් යුතුව ජාත්‍යන්තරය පවා පිළිගත් හැඳුනුම්පතක් ලෙස එය ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division