වාහන ආනයනය සඳහා පැවති තවත් සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2025 අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙරටට ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකි වී ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කිරීමට අවකාශ ලබා නොදුන් මෝටර් රථ වර්ග කිහිපයක් ඒ අනුව නිදහස් කර ගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන්ම Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL වැනි සුපිරි වාහන මේ අනුව කඩිනමින් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත.