අනිද්දා (6) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලීසියේ 65,000 දෙනකු රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සිළුමිණට ප්‍රකාශ කළේය.
මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ 3,000ක් සිවිල් ආරක්ෂක බළකායේ 9,000ක්ද ආරක්ෂක කටයුතුවල යෙදවීමට කටයුතු යොදා ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය. මේ සියලු නිලධාරීන් හෙට (5) සිට මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදවීමටද පියවර ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අවධාරණය කළේය.