මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 71,000කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සිළුමිණට කීය.
කොට්ඨාස 4,917ක් සඳහා මැතිවරණය පැවැත්වීමට නියමිත වුවද මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාස 4,877කට පමණක් බවද ඔහු පැවසුවේය.
සෙසු මැතිවරණ කොට්ඨාසවල මැතිවරණය පැවැත්වීම පසු කලකදී සිදු කෙරෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා හමුවේ අධිකරණයට ගිය පාර්ශ්වයන්ගේ නාමයෝජනා භාර ගන්නා ලෙස අධිකරණය දුන් තීන්දුවට අනුව ඒ නාමයෝජනා භාර ගෙන, යළිත් ඡන්ද පත්‍රිකා සකස් කිරීමට සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙවර පළාත් පාලන ආයතනවලට තෝරා පත් කරගනු ලබන සභිකයන් සංඛ්‍යාව පිළිබඳව ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි බවත් පැවසූ කොමසාරිස් ජනරාල්වරයා මෙවර මනාප ලකුණු කිරීමකින් තොරව මැතිවරණය පැවැත්වෙන හෙයින් කොට්ඨාස මට්ටමින් සභිකයන් තෝරාගන්නා බවද ප්‍රකාශ කළේය.
මෙවර මැතිවරණයෙන් කොට්ඨාස මට්ටමින් නියෝජිතයන් 60%ක් සහ සමානුපාතික පදනම යටතේ නියෝජිතයන් 40%ක් තෝරා පත් කර ගනු ලැබේ. එමෙන්ම කාන්තා නියෝජනයද 25%ක් වන ලෙස අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇත.