Home » ඉහළම විදෙස් ප්‍රේෂණ අගය මාර්තුවේදී

ඉහළම විදෙස් ප්‍රේෂණ අගය මාර්තුවේදී

by Mahesh Lakehouse
May 3, 2025 12:34 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

ඉකුත් මාර්තු මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 693ක් වාර්තා වී ඇති අතර, එය මීට පෙර ඕනෑම වසරක මාර්තු මාසයේ වාර්තා වූ ඉහළම මාසික විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය ඉකුත් මාර්තු මාසයේදී අඛණ්ඩව ශක්තිමත් වී ඇති අතර, ඒ සඳහා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑමද හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඊට අමතරව මාර්තු මාසයේ සංචාරක ඉපැයීම් 9.6%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, මාර්තු මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 229,298කි. ඒ මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 49ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division