ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවි ගබඩාවට අයත් ජීව උණ්ඩ හා ගිනි අවි ලබාගෙන ඒවා නැවත භාර නොදුන් පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
1900 වසරේ සිට 2024 වසර දක්වා වරාය සභාපතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු 7 දෙනකු විසින් මෙසේ එම ගිනි අවි රැගෙන ගොස් නැවත භාර දී නැති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ලිඛිතව පැමිණිලි කර ඇත. සංගමය විසින් මේ කරුණු හෙළි කිරීමෙන් පසුව හිටපු වරාය සභාපතිවරයකු විසින් මිලිමීටර් 9 ජීව උණ්ඩ 50ක් ආපසු භාර දී තිබේ.