තමන්ට බලය හිමි වන පළාත් පාලන ආයතන හරහා ප්‍රජා කේන්ද්‍රීය ප්‍රජා ආරක්ෂක ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම මැයි දින රැලියේදී පැවසුවේය.
තලවකැලේ පැවැති ඒ රැලියේදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රදේශ භාර පොලීසිය, ආරක්ෂක අංශ, රටේ නීති හා සාමය සුරකින අංශ එකතු කරගෙන පළාත් පාලන ආයතන හරහා සෑම වසමකම සෑම ගමකම සෑම නගරයකම ආරක්ෂක කමිටු ස්ථාපනය කරන බවයි.
මිනීමරු කණ්ඩායම් සමාජයේ විෂමාචාරී කණ්ඩායම් ඉවත් කර නැවත නීතිය හා සාමය ස්ථාපනය කිරීමට විපක්ෂය ලෙස කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා ජනතාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන බවද ඔහු කීවේය.